04

E   |     |  

 දිනය: 2023-05-25   පිළිතුර ලබා දී ඇත 

3267/2023: Changing of name boards of village-roads in Dikwella Pradesiya Sabha

3267/2023

ගරු එම්. එස්. තවුෆික් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත සහ 1975 අංක 4 දරන වීථි නම් කිරීමේ සහ ස්මාරක පිහිටුවීම පාලනය කිරීමේ පනත යන පනත්වල විධිවිධාන උල්ලංඝනය කරමින් දික්වැල්ල ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ පිහිටා ඇති “අසාද්පුර” ගම්මානයේ නම සහ දික්වැල්ල - බෙලිඅත්ත ප්‍රධාන මාර්ගය දෙපස “යෝනකපුර” ලෙස සඳහන් කර තිබූ නාම පුවරු ඉවත් කර වෙනත් නම් යොදා පුවරු සවි කර ඇති බව දන්නේද;

(ii) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාවේ සභාපති සහ සභා ලේකම්වරයාට එරෙහිව ගනු ලබන පියවර කවරේද;

(iii) මේ සම්බන්ධයෙන් දකුණු පළාතේ, පළාත් පාලන කොමසාරිස් විසින් දික්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සහ ලේකම් අමතන ලද අංක 4/2/4 හා 2022.02.08 දිනැති ලිපිය සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම පිළිබඳව ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග සහ නීතිමය ක්‍රියාමාර්ග ගන්නේද;

(iv) එසේ නම්, එම දින වකවානු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-05-25

අසන ලද්දේ

ගරු එම්. එස්. තවුෆික් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks