04

E   |     |  

 දිනය: 2023-05-25   පිළිතුර ලබා දී ඇත 

3266/2023: Non-availability of simultaneous interpretation facility in meeting halls of Local Government institutions in SP

3266/2023

ගරු එම්. එස්. තවුෆික් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      මාසික සභා රැස්වීම් පවත්වනු ලබන ශාලාවන්හි සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා සඳහා සමාන්තර භාෂා පරිවර්තන පහසුකම් නොමැති දකුණු පළාතේ පළාත් පාලන ආයතන කවරේද;

(ii) දෙමළ භාෂාව භාවිතා කරනු ලබන ජනතාව සැළකිය යුතු ප්‍රමාණයක් ජීවත් වන දකුණු පළාතේ පළාත් පාලන ආයතන බලප්‍රදේශ  හඳුනාගෙන තිබේද;

(iii) එසේ නම්, එම පළාත් පාලන ආයතන බල ප්‍රදේශ කවරේද;

(iv) පරිපාලන භාෂා ලෙස සිංහල සහ දෙමළ යන භාෂා දෙකම භාවිතා කළ යුතු බවට ප්‍රකාශයට පත් කර ඇති බලප්‍රදේශ අයත්වන දකුණු පළාතේ පළාත් පාලන ආයතනවල මාසික සභා රැස්වීම් පවත්වනු ලබන ශාලා සඳහා සමාන්තර භාෂා පරිවර්තන පහසුකම් ලබා දීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-05-25

අසන ලද්දේ

ගරු එම්. එස්. තවුෆික් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks