01

E   |     |  

 දිනය: 2024-01-10   පිළිතුර ලබා දී ඇත 

3239/2024: පදිංචිකරුවන්ට සහ වගාකරුවන්ට ඔප්පු ලබා දීම : මොනරාගල දිස්ත්‍රික්කය

3239/2023

ගරු කුමාරසිරි රත්නායක මහතා,—  සංචාරක හා ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මොනරාගල දිස්ත්‍රික්කයේ පවතින ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් ප්‍රමාණය අක්කරවලින් කොපමණද;

             (ii)       ඒ අතරින් මහජනතාව වෙත බෙදා දී ඇති ඉඩම් ප්‍රමාණය එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව අක්කරවලින් වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එම ඉඩම් සඳහා ඔප්පු ලබා දීමට පියවර ගෙන තිබේද;

(iv) එසේ නම්, වර්ෂ 2021 සිට මේ දක්වා  පදිංචිකරුවන් සහ වගාකරුවන් වෙත ඔප්පු ලබා දී ඇති ඉඩම් අක්කර ප්‍රමාණය හා ඔප්පු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) මේ වනවිට ඔප්පු ලබා දී නොමැති ඉඩම් සඳහා ඉදිරියේදී ඔප්පු ලබා දීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා ‍මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-01-10

අසන ලද්දේ

ගරු කුමාරසිරි රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංචාරක හා ඉඩම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)        ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු මොනරාගල දිස්ත්‍රික්කයේ පවතින ඉඩම් ප්‍රමාණය අක්කර 6,439ක් පමණ වේ. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ නිර්දේශ යටතේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතුව පැවතිය යුතු ඉඩම් ප්‍රමාණය හඳුනා ගැනීම සඳහා ඉඩම් ලේඛනයක් දිස්ත්‍රික් මට්ටමින් පිළියෙළ කරමින් පවතී. ඒ අනුව සපයාගත් තොරතුරු මත පදනම්ව මෙම බිම් ප්‍රමාණය සංඛ්‍යාත්මකව හඳුනා ගනු ලැබ ඇති අතර, වර්තමානයේ ක්ෂේත්‍ර පරීක්ෂණ කටයුතු මඟින් භෞතිකව හඳුනා ගැනීම් සිදු කෙරේ.

(ii) මහජනතාව වෙත බෙදා දී ඇති ඉඩම් ප්‍රමාණය එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව,

අනු  අංකය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

අක්:

රූඩ්:

පර්:

1

මොනරාගල

2,694

1

20.21

2

බඩල්කුඹුර

1,741

2

06.74

3

මැදගම

  137

3

28.91

4

බිබිල

    00

3

26.80

5

වැල්ලවාය

  868

1

19.71

6

බුත්තල

  145

3

07.69

7

සියඹලාණ්ඩුව

    86

1

21.55

8

මඩුල්ල

    05

1

31.05

(iii) පියවර ගෙන ඇත.

(iv) වර්ෂ 2021 සිට ඔප්පු ලබා දී ඇති ඉඩම් අක්කර ප්‍රමාණය හා ඔප්පු සංඛ්‍යාව

අනු  අංකය

ප්‍රාදේශය ලේකම් කොට්ඨාසය

අක්:

රූඩ්:

පර්:

ඔප්පු ලබා දී  ඇති සංඛ්‍යාව

1

මොනරාගල

25

03

20.00

82

2

බඩල්කුඹුර

44

00

06.19

54

3

මැදගම

03

00

06.20

13

4

වැල්ලවාය

07

02

06.88

11

5

බුත්තල

00

02

08.50

01

(v) ගැටලුවකින් තොරව ඔප්පු ලබා දිය හැකි ඉඩම් කොටස් සඳහා ඉදිරියේදී ඔප්පු ලබා දීමට කටයුතු කරමින් ඇත.

(ආ) · වර්තමානයේ පදිංචිව හෝ භුක්ති විඳිනු ලබන ඉඩම් කොටස් සඳහා ඔප්පු ලබාදීමේදී අනුගමනය කරනු ලබන්නේ 2021/01 චක්‍රලේඛයයි. එම චක්‍රලේඛයේ විධිවිධානවලට අනුව කටයුතු කිරීමේදී 2010.12.31 දිනට පෙර  පදිංචිය හෝ භුක්තිය තහවුරු කිරීමට ලේඛන ඉදිරිපත් කිරීමට  නොහැකි වීමෙන් ඔප්පු ලබාදීමට නොහැකිව ඇත.

· බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කන්දහේන වත්ත නමැති ඉඩමට අදාළව නඩු අංක CAW/399/2022 හා 2022.10.31 දිනැතිව අභියාචනාධිකරණ නඩුවක් පවරා වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

· ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මඟින් විකුණුම්කර ඔප්පුවක් ලබා දෙන බැවින්, ඊට අදාළ තක්සේරු වටිනාකම පදිංචි හෝ බුක්ති විඳින්නන් පදිංචි කාල සීමාව පදනම්ව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අනුමත චක්‍රලේඛ විධිවිධාන අනුව (පර්. 1කට රුපියල් 100ක්, 200ක්, 500ක්, 1,000ක්, 2,000ක් ආදී වශයෙන්) ගෙවිය යුතු ය. එම වටිනාකම නොගෙවීම මත ඔප්පු ලබා දීමට නොහැකිව ඇත.

· අවිධිමත් ආකාරයට ඉඩම් කොටස් පුද්ගලයන් අතර මුදලට හුවමාරු වීම නිසා ද ඔප්පු ලබා දීමට නොහැකිව ඇත.

 

පිළිතුරු දුන් දිනය

2024-01-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු හරීන් ප්‍රනාන්දු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks