01

E   |     |  

 දිනය: 2023-05-25   පිළිතුර ලබා දී ඇත 

3237/2023: Recruitment of casual employees to the Lanka Sathosa ltd. from 2021 to date

3237/2023

ගරු වාසුදේව නානායක්කාර මහතා,— වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      2021 වර්ෂයේ සිට අනියම් පදනම මත බඳවා ගන්නා ලද සේවකයන් 500 ක් පමණ මේ වනවිට සීමාසහිත ලංකා සතොස ආයතනයේ සේවය කරමින් සිටින්නේද;

               (ii)      ඔවුන්ට පත්වීම් ලිපි ලබා දී තිබේද;

(iii) නොඑසේ නම්,  ඊට හේතු කවරේද;‍

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත සේවකයන්ට අදාළ සේවා කොන්දේසි කවරේද;

(ii) ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක  වන කම්කරු නීති එම සේවකයන් සම්බන්ධයෙන් උල්ලංඝනය වී තිබේද;

(iii) රජයේ සේවකයන් සම්බන්ධයෙන් වර්ෂ 2016 සිට 2019 දක්වා යහපාලන රජය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛ අනුව මෙම සේවකයන්ට වැටුප් ගෙවා තිබේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-05-25

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks