01

E   |     |  

 දිනය: 2023-09-20   පිළිතුර ලබා දී ඇත 

3232/2023: Construction of Thummodara new bridge in Negombo Kuliyapitiya road

3232/2023

ගරු නිරෝෂන් පෙරේරා මහතා,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මීගමුව-කුලියාපිටිය මාර්ගයේ, තුම්මෝදර නව පාලම ඉදිකිරීම සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදනය කොපමණද;

    (ii)        එම පාලමේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද දිනය කවරේද;

  (iii)        එම ඉදිකිරීම් කටයුතු අවසන් කළ යුතු දිනය කවරේද;

(iv) එම පාලම ඉදිකරනු ලබන කොන්ත්‍රාත් සමාගම කවරේද;

(v) මේ වනවිට එම කොන්ත්‍රාත් සමාගමට ගෙවා ඇති මුදල කොපමණද;

(vi) තුම්මෝදර නව පාලමේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-09-20

අසන ලද්දේ

ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks