01

E   |     |  

 දිනය: 2023-07-07   පිළිතුර ලබා දී ඇත 

3229/2023: Establishment of Wellamankara fishing harbor in Puttalam District

3229/2023

ගරු නිරෝෂන් පෙරේරා මහතා,— ධීවර අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      පුත්තලම දිස්ත්‍රික්කයේ, “වෙල්ලමන්කරය” ධීවර වරාය ඉදිකිරීම සඳහා වැය කරන ලද මුදල කොපමණද;

             (ii)      එම වරායේ මෙහෙයුම් කටයුතු  ආරම්භ කරන ලද දිනය කවරේද;

           (iii)      එම දිනයේ සිට මේ දක්වා උපයන ලද ආදායම සහ දරන ලද වියදම වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) වෙල්ලමන්කරය ධීවර වරාය සම්බන්ධයෙන් පරිසර වාර්තාවක් සකස් කර තිබේද;

(ii) එම පරිසර වාර්තාව සකස් කරන ලද නිලධාරින්ගේ සහ අනුමත කරන ලද නිලධාරින්ගේ නම් හා තනතුරු වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එම පරිසර වාර්තාව සභාගත කරන්නේද;

  යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-07-07

අසන ලද්දේ

ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks