01

E   |     |  

 දිනය: 2023-06-08   පිළිතුර ලබා දී ඇත 

3228/2023: පුත්තලම දිස්ත්‍රික්කයේ කොස්වත්ත පොලිස් ස්ථානයේ නිලධාරින්ට විරුද්ධ පැමිණිලි: ගත් පියවර

3228/2023

ගරු නිරෝෂන් පෙරේරා මහතා,— මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      2023 වර්ෂයේදී පුත්තලම දිස්ත්‍රික්කයේ, කොස්වත්ත පොලිස් ස්ථානයේ සේවය කරනු ලබන  පොලිස් නිලධාරින්ට විරුද්ධව මහජන පැමිණිලි ලැබී තිබේද;

             (ii)      එසේ නම්, විරුද්ධව පැමිණිලි ලැබී ඇති එක් එක් පොලිස් නිලධාරියාගේ නම සහ තනතුර වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එම පැමිණිලි සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කර තිබේද;

(iv) එම පැමිණිලි සම්බන්ධයෙන් මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-06-08

අසන ලද්දේ

ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් පරීක්ෂකවරයෙකු, උප පොලිස් පරීක්ෂකවරයෙකු හා කාන්තා පොලිස් සැරයන්වරියක් වශයෙන් නිලධාරින් හතර දෙනෙකුට විරුද්ධව මහජන පැමිණිලි ලැබී ඇති අතර, මෙම නිලධාරින් සම්බන්ධයෙන් ගරු අධිකරණය විසින් හෝ විනය බලධාරියා විසින් වරදකරු ලෙස නිගමනය කර නොමැති බැවින් මොවුන්ගේ නම් ප්‍රකාශයට පත් කිරීම සුදුසු නොවේ.

(iii) ඔව්.

(iv)

  • ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට හා පොලිස් පරීක්ෂකවරයාට විරුද්ධව ඉදිරිපත් කර ඇති නිර්නාමික පෙත්සම විමර්ශනය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (වයඹ පළාත) විසින් සහකාර පොලිස් අධිකාරි (නාත්තණ්ඩිය) වෙත යොමු කර ඇත. ඒ අනුව පොලිස් පරීක්ෂක නිලධාරියා 2023.04.05 දින සිට වෙන්නප්පුව පොලිස් ස්ථානය වෙත ස්ථානමාරු කර ඇත. ඉහත නිලධාරින් දෙදෙනා සම්බන්ධව විමර්ශන කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතී.
  • උප පොලිස් පරීක්ෂකවරයා දරුවන් කෲරත්වයට පත් කිරීම සම්බන්ධව පැමිණිලිකරුවෙකුට අපහාස කර දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කර පැමිණිලිකරුට අගතියක් සිදු කළ බවට පැමිණිලිකරු විසින් චෝදනා කර ඇත. ඒ සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයට අනුව මෙම නිලධාරියා පැමිණිලිකරුට අපහාස කිරීමක් හෝ අගතියට පත් කිරීමක් සිදු කර ඇති බවට කරුණු අනාවරණය වී නොමැත.
  • කාන්තා පොලිස් සැරයන්වරිය තමාට විරුද්ධව සිදු කරනු ලබන චෝදනාව පිළිනොගන්නා බවට ප්‍රකාශයක් ලබා දී ඇති අතර, මේ සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරි (නාත්තණ්ඩිය) විසින් තවදුරටත් ඉහත නිලධාරිනිය විසින් සිදු කර ඇති ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාවය පිළිබඳව විමර්ශන සිදු කරමින් පවතී.

 

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2023-06-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ටිරාන් අලස් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks