පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3227/2023
ගරු නිරෝෂන් පෙරේරා මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රජයේ සේවකයන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේද;
(ii) එසේ නම්, මේ වනවිට විදේශ රැකියා සඳහා ඉල්ලුම් කර ඇති රජයේ සේවකයන් සංඛ්‍යාව, ඒ අතරින් මේ වනවිට විදේශ රැකියා සඳහා යොමු කර ඇති රජයේ සේවකයන් සංඛ්‍යාව සහ විදේශ රැකියා සඳහා ඉදිරියේදී යොමු කිරීමට අපේක්ෂා කරනු ලබන රජයේ සේවකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) විදේශ රැකියා සඳහා යොමු කරවනු ලබන රජයේ සේවකයන් එම රැකියා සඳහා පුහුණු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-05-25
අසන ලද්දේ
ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) නැත. නමුත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය යටතේ විදේශ රැකියා සඳහා පහසුකම් සැලසීමේ වැඩසටහන් ක්‍රියාත්මක වේ.
(ii) අදාළ නොවේ. කෙසේ වෙතත්, රැකියා සඳහා විදේශගත වීමේ අපේක්ෂාවෙන් සිටින රාජ්‍ය සේවකයන්ට නිවාඩු ලබාදීමට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022 හා 14/2022 (I) නිකුත් කර ඇත. ඒ අනුව 2023.07.17 දිනට විදේශ රැකියා සඳහා ආයතන මට්ටමින් අයදුම්පත් ඉදිරිපත් කර නිවාඩු අනුමත කරගනු ලැබූ රජයේ සේවකයන් සංඛ්‍යාව 3,194ක් පමණ වන බවට වාර්තා වී ඇත.
(iii) නැත. එය මෙම අමාත්‍යාංශයේ විෂය පථයට අදාළ නොවේ. එසේ වුවද, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය යටතේ විදේශ රැකියා සඳහා පහසුකම් සැපයීමේ වැඩසටහන් ක්‍රියාත්මක වේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-08-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks