01

E   |     |  

 දිනය: 2023-05-25   පිළිතුර ලබා දී ඇත 

3226/2023: Upgrading provincial schools into National school in Kaluthara District

3226/2023

ගරු ඉම්තියාස් බාකීර් මාකාර් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      2019 වර්ෂයෙන් පසු ජාතික පාසල් බවට පත් කරන ලද කළුතර දිස්ත්‍රික්කයේ  පළාත් පාසල් සංඛ්‍යාව, එම එක් එක් පාසලේ නම, අයත් අධ්‍යාපන කලාපය, සිසුන් සංඛ්‍යාව, ජාතික පාසලක් බවට පත් කරන ලද දිනය වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) පළාත් පාසලක් ලෙස පැවති අවධියේ සිට දීර්ඝ කාලයක් ඉහත සඳහන් පාසල්වල සේවය කර, ස්ථාන මාරු ඉල්ලා ඇති ගුරුවරුන් සංඛ්‍යාව, එම එක් එක් ගුරුවරයා සේවය කරනු ලබන පාසල,  සේවා කාලය සහ අධ්‍යාපන කලාපය වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එම ස්ථාන මාරු ලබා දීම සඳහා කටයුතු කරන්නේද;

(iv) ඒ හේතුවෙන් ඇති වන ගුරු පුරප්පාඩු පිරවීමට පියවර ගන්නේද;

(v) එම ස්ථාන මාරු ලබා දීමේදී අදාළ පාසල,  ජාතික පාසලක් බවට පත් කරන ලද දින සිට වර්ෂ තුනක සේවා කාලයක් සපුරාලිය යුතු බවට තීරණයක් ගෙන තිබේද;

(vi) එසේ නම්, ඉහත (ii) හි සඳහන් ගුරුවරුන්ට ඒ හේතුවෙන් සිදු වන අසාධාරණය මඟහරවාලීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-05-25

අසන ලද්දේ

ගරු ඉම්තියාස් බාකීර් මාකාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks