01

E   |     |  

 දිනය: 2024-01-11   පිළිතුර ලබා දී ඇත 

3178/2024: 2018-2022 දක්වා පොල් මිල: විස්තර

3178/2023

ගරු දයාසිරි ජයසේකර මහතා,— කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       වර්ෂ 2018 සිට 2022 දක්වා එක් එක් වර්ෂයේ ශ්‍රී ලංකාවේ පැවති පොල් මිල  වෙන් වෙන් වශයෙන් කොපමණද;

              (ii)       නිෂ්පාදන පිරිවැයට සාපේක්ෂව පොල් මිලේ ඉහළ යාමක්  සිදු වී තිබේද;

(iii) පොල් මිල ඉහළ මට්ටමක පවත්වාගෙන යාම සඳහා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) වර්ෂ 2018 සිට 2022 දක්වා  ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද පොල් ප්‍රමාණය සහ ඒ සඳහා දරන ලද වියදම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (ii) එම ආනයනික රටවල සහ ආනයනකරුවන්ගේ නම් වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) ශ්‍රී ලංකාවට පොල් ආනයනය කිරීමට හේතු කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-01-11

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      වර්ෂ 2018 සිට 2022 දක්වා වසර 05ක කාලයකට අදාළ වාර්ෂික සාමාන්‍ය පොල් මිල සිල්ලර හා තොග මිල වශයෙන් පහත වගුවෙන් දක්වා ඇත.

වර්ෂය

වාර්ෂික සාමාන්‍ය පොල් මිල

 

තොග මිල රු.

සිල්ලර මිල රු.

 

ලොකු පොල්

පොඩි පොල්

ලොකු පොල්

පොඩි පොල්

2018

68.29

53.07

81.08

60.44

2019

47.04

36.74

59.03

42.71

2020

64.15

57.95

75.70

61.30

2021

76.23

67.53

92.38

74.87

2022

79.37

70.35

97.98

78.15

 

 

 

 

 

 

 

 

 

(ii) පොල් වගාකිරීමේ මණ්ඩලය හා පොල් පර්යේෂණ ආයතනය විසින් ඉදිරිපත් කරනු ලබන දත්ත අනුව පොල් නිෂ්පාදන පිරිවැය ඉහළ යාමට සාපේක්ෂව පොල් මිලේ වැඩිවීම ප්‍රමාණවත් පරිදි සිදු නොවේ. එයට හේතුව වනුයේ පොල් මිල තීරණය කිරීම සඳහා විශේෂයෙන්, ආනයනික ආහාරයට ගන්නා ඛාද්‍ය තෙල් මිල, අන්තර්ජාතික වෙළඳපොළේ තීරණය වන දිසිඳි පොල් මිල හා අනෙකුත් පොල් මද ආශ්‍රිත නිෂ්පාදනවල මිල වැනි සාධක ගණනාවක්ම පොල් මිල කෙරෙහි බලපාන බැවිනි.

(iii) පොල් මිල ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන යාමේ අරමුණින් ආනයනික ඛාද්‍ය තෙල් සඳහා ආනයන බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර ඇත. එමඟින් පොල් මිල පාලනයක් සිදු වේ.

 

(ආ) (i) පොල් පර්යේෂණ ආයතනයට අනුව 2018 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා කාල වකවානුව තුළ පොල් පර්යේෂණ ආයතනයේ අනුමැතිය සහිතව ශ්‍රී ලංකාවට පොල් ආනයනය කිරීමක් සිදු වී නොමැත.

එසේ වුවත්, පොල් සංවර්ධන අධිකාරියට අනුව පොල් මද පමණක් 2018 සහ 2021 වර්ෂවලදී ශ්‍රී ලංකාවට ආනයනය කර ඇත. එය 2018 වර්ෂයේ මෙට්‍රික් ටොන් 2,542.35ක් වූ අතර  2021 වර්ෂයේ මෙට්‍රික් ටොන් 61.9ක් විය.

(ii)

ආනයනකරුගේ නම

ආනයනය කරන රට සහ පොල් මද ප්‍රමාණය (මෙ.ටො)

වියදම් වී ඇති මුදල (ඇ.ඩො)

 

පිලිපීනය

ඉන්දුනීසියාව

වියට්නාමය

 

සන්මික් ෆුඩ් පුද්ගලික සමාගම

49.83

-

-

54,178.50

නාරා කොකො ලෑන්ඩ් පුද්ගලික සමාගම

-

125

-

171,150.00

රේණුකා ඇග්‍රි ෆුඩ්ස් පුද්ගලික සමාගම

-

405

-

423,150.00

ආර්.එම්.පී. කොකනට් ප්‍රඩක්ස් පුද්ගලික සමාගම

-

35

-

35,375.00

එස්.ඒ. සිල්වා ඇන්ඩ් සන්ස් ලංකා පුද්ගලික සමාගම

-

1275

506

1,671,598.75

ආනයනකරුගේ නම

ආනයනය කරන රට සහ පොල් මද ප්‍රමාණය (මෙ.ටො)

වියදම් වී ඇති මුදල (ඇ.ඩො)

 

පිලිපීනය

ඉන්දුනීසියාව

වියට්නාමය

 

විචි ප්ලාන්ටේෂන් කම්පැනි පුද්ගලික සමාගම

-

10.475

-

12,884.25

එන්. ඩී. සී. එක්ස්පෝට්ස් පුද්ගලික සමාගම

-

50

-

51,250.00

බෝයගනේ ඩී. සී. මිල්ස් පුද්ගලික සමාගම

-

7.74

-

6,646.80

සයික්ලොප්ස් පුද්ගලික සමාගම

-

1.5

-

3,300.00

ජයෙන්දි එක්ස්පෝට් පුද්ගලික සමාගම

-

20.18

-

13,959.10

සිලෝන් එක්ස්පෝට් ඇන්ඩ් ට්‍රේඩින් පුද්ගලික සමාගම

-

10

-

11,200.00

කොකෝ සිලෝන් එක්ස්පෝට්ස් පුද්ගලික සමාගම

-

21.625

-

18,921.88

සී. බී. එල්. ග්ලෝබල් ෆුඩ්ස් පුද්ගලික සමාගම

-

25

-

24,000.00

 

 

2021 වර්ෂය

ආනයනකරුගේ නම

ආනයනය කරන රට සහ පොල් මද ප්‍රමාණය (‍මෙ.ටො) ඉන්දුනීසියාව

වියදම් වී ඇති මුදල (ඇ.ඩො)

එස්.ඒ. සිල්වා ඇන්ඩ් සන්ස් ලංකා පුද්ගලික සමාගම

11.9

18,004.42

සී.බී.එල්. ග්ලෝබල් ෆුඩ්ස් පුද්ගලික සමාගම

50

67,925.76

 

 

 

 

(iii) වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 2,900 - 3,300කට ආසන්න අගයක් වන බැවින් දේශීය කර්මාන්තකරුවන්ගේ ඉල්ලුම සපුරාලීම සඳහා එය ප්‍රමාණවත් නොවන අවස්ථා ද ඇත. එවැනි අවස්ථාවලදී පමණක් පොල් මද ආශ්‍රිත කර්මාන්තකරුවන්ගේ අවශ්‍යතාව සපුරාලීම සඳහා පොල් මද පමණක් ආනයනය කරනු ලබයි.

 

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2024-01-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks