01

E   |     |  

 දිනය: 2024-01-09   පිළිතුර ලබා දී ඇත 

3177/2024: Coconut production of Sri Lnaka

3177/2023

ගරු දයාසිරි ජයසේකර මහතා,—  කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       රසායනික පොහොර තහනම් කර කාබනික පොහොර හඳුන්වා දෙන ලද වර්ෂයට පෙර, වර්ෂ පහක ශ්‍රී ලංකාවේ වාර්ෂික පොල් අස්වැන්න සහ එම වර්ෂ පහ තුළදී රජය විසින් පොල් වැවිලිකරුවන් වෙත ලබා දෙන ලද පොහොර ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) එම කාල වකවානුවේදී පොල් වැවිලිකරුවන් වෙත ලබා දෙන ලද සහනාධාර කවරේද;

  යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) කාබනික පොහොර හඳුන්වා දෙන ලද වර්ෂයේ සිට මේ දක්වා වාර්ෂික පොල් අස්වැන්න සහ එම කාලය තුළදී රජය විසින් පොල් වැවිලිකරුවන් වෙත ලබා දෙන ලද පොහොර ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

 (ii) එම කාල වකවානුවේදී පොල් වැවිලිකරුවන් වෙත ලබා දෙන ලද සහනාධාර කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) රසායනික පොහොර තහනම් කිරීමට පෙර සහ පසු පොල් නිෂ්පාදනයේ වැඩිවීම/අඩුවීම ප්‍රතිශතයක් ලෙස කොපමණද;

(ii) ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-01-09

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks