01

E   |     |  

 දිනය: 2023-12-08   පිළිතුර ලබා දී ඇත 

3176/2023: Details of Paddy harvest

3176/2023

ගරු දයාසිරි ජයසේකර මහතා,— කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)   රසායනික පොහොර භාවිතය තහනම් කර, කාබනික පොහොර හඳුන්වා දෙන ලද වර්ෂයට පෙර වර්ෂ 5ක ශ්‍රී ලංකාවේ වාර්ෂික වී අස්වැන්න මෙට්‍රික් ටොන්වලින්;

              (ii)   එම කාල පරිච්ඡේදය තුළ රසායනික පොහොර ආනයනය කිරීම සඳහා වැය කරන ලද මුදල;

(iii) ‍ඉහත කාල පරිච්ඡේදය තුළ වී වගා කරන ලද බිම් ප්‍රමාණය;

එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) කාබනික පොහොර හඳුන්වා‍ දෙන ලද වර්ෂයේ සිට මේ දක්වා වාර්ෂික වී අස්වැන්න;

  (ii) එම කාල පරිච්ඡේදය තුළ කාබනික පොහොර ආනයනය කිරීම සඳහා වැය කරන ලද මුදල;

(iii) රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට පෙර සහ පසු වී නිෂ්පාදනයේ වැඩිවීම හෝ අඩුවීම ප්‍රතිශතයක් ලෙස;

(iv) රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට පෙර සහ පසු වී නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ලද බිම් ප්‍රමාණයේ වැඩිවීම හෝ අඩුවීම ප්‍රතිශතයක් ලෙස;

එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) වී නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-12-08

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks