01

E   |     |  

 දිනය: 2023-07-21   පිළිතුර ලබා දී ඇත 

3172/2023: Details of imported Coconut Oil

3172/2023

ගරු දයාසිරි ජයසේකර මහතා,— වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      පසුගිය වසර 5ක කාලය තුළ ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද පොල්තෙල් ප්‍රමාණය සහ ඒ සඳහා වැය කරන ලද මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) එම කාලය තුළ පොල්තෙල් ආනයනය කරන ලද ආනයනකරුවන්ගේ විස්තර කවරේද;

(iii) ශ්‍රී ලංකාවට පොල්තෙල් ආනයනය කිරීමට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 

(ආ) (i) ආනයනික පොල්තෙල්වල ගුණාත්මකභාවය පරීක්ෂා කරනු ලබන ආයතනය කවරේද;

(ii) ඉහත සඳහන් කාලය තුළදී අහිතකර පොල්තෙල් ආනයනය කර තිබේද;

(iii) එසේ නම්, එම එක් එක් ආනයනකරුගේ නම සහ ආනයනය කරන ලද පොල්තෙල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කවරේද;

  (iv) එම පොල්තෙල් තොග සම්බන්ධයෙන් ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-07-21

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks