04

E   |     |  

 දිනය: 2023-05-25   පිළිතුර ලබා දී ඇත 

3169/2023: Details of Foreign employment opportunities

3169/2023

ගරු දයාසිරි ජයසේකර මහතා,—  කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      මේ වනවිට විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඉල්ලුම් කරනු ලබන  රටවල් කවරේද;

             (ii)      එම එක් එක් රට විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන බවට දන්වා ඇති රැකියා අවස්ථා සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) විදේශ රැකියා සඳහා භාෂා සහතික අවශ්‍ය රටවල් කවරේද;

(ii) වලංගු වෘත්තීය පුහුණු සහතික අවශ්‍ය රටවල් කවරේද;

(iii) භාෂා සහතික සහ වෘත්තීය පුහුණු සහතික අවශ්‍ය නොවන රටවල් තිබේද;

(iv) එසේ නම්, එම රටවල් කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ඇ) (i) විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යොමු කිරීමට මේ වනවිට ගෙන ඇති පියවර කවරේද;

(ii) ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට විදේශ රැකියා සඳහා අවශ්‍ය සුදුසුකම්, කඩිනමින් සපුරාලීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-05-25

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කම්කරු හා විදේශ රැකියා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks