04

E   |     |  

 දිනය: 2023-11-10   පිළිතුර ලබා දී ඇත 

3156/2023: Removal of invasive plants from Reservoirs

3156/2023

ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා,—  වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මේ වනවිට ශ්‍රී ලංකාවේ වැව් බොහෝ ප්‍රමාණයක ආක්‍රමණික ශාඛ වර්ධනය වී ඇති බවත්;

             (ii)       එම ශාඛ දිරාපත් වී වැව් පතුලට කිඳාබැසීම හේතුවෙන් වැව් ගොඩ වී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහත වැව්වල ඇති ආක්‍රමණික ශාක ඉවත් කිරීම සඳහා වැඩපිළිවෙළක් තිබේද;

(ii) මේ වනවිට ගොඩවී ඇති වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පවතින වැඩපිළිවෙළ කවරේද;

(iii) වැව්වල වැඩෙන ආක්‍රමණික ශාක මර්දනය කිරීම සඳහා ගොවි සංවිධාන සමඟ ඒකාබද්ධව වැඩපිළිවෙළක් සකස් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) වැව් රක්ෂිත හා වැව් බැම්ම ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

(ii) වැව් ආරක්ෂා කිරීම සඳහා ජනතාව සමඟ ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කිරීමට පියවර ගන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-11-10

අසන ලද්දේ

ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks