පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3154/2023
ගරු තවරාජා කලෙයි අරසන් මහතා,— නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පසුගිය ගැටුම් පැවති සමයේදී දැඩි ලෙස හානියට පත්වූ අම්පාර දිස්ත්‍රික්කයේ, තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කන්චිකුඩිච්චාරු, තංගවේලායුදපුරම්, සාගාමම් සහ කාන්චිරන්කුඩා යන ගම්මානවල නැවත පදිංචි කිරීමේ කටයුතු මේ වනතෙක් අවසන් කර නොමැති බව දන්නේද;
(ii) ගැටුම්කාරී වාතාවරණය අවසන්වීමෙන් පසු ඉහත ගම්මානවල ජනතාව නැවත පදිංචි කිරීම සඳහා ගනු ලැබූ මූලික පියවර කවරේද;
(iii) එම ගම්මානවල මේ වනවිට ඉදිකර ඇති නිවාස සංඛ්‍යාව කොපමණද;
(iv) ඉදිකිරීමට නියමිත නිවාස සංඛ්‍යාව කොපමණද;
(v) 2023 වර්ෂය අවසන්වීමට පෙර ඉහත ගම්මානවල ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු අවසන් කිරීමට පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-06-08
අසන ලද්දේ
ගරු තවරාජා කලෙයි අරසන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
නාගරික සංවර්ධන හා නිවාස
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) අම්පාර දිස්ත්‍රික් ලේකම් විසින් එවන ලද වාර්තාවලට අනුව අම්පාර දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කිරීමේ කටයුතු අවසන් කර ඇත.
(ii) තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් විසින් ලබා දී ඇති වාර්තා අනුව ඉහත ගම්මානවල ජනතාව නැවත පදිංචි කිරීම සඳහා ගනු ලැබූ මූලික පියවර පහත පරිදි වේ.
(iii) තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් විසින් ලබා දී ඇති වාර්තා අනුව,
ග්‍රාම නිලධාරි වසම නිවාස ගණන
තංගවේලායුදපුරම් 199
කන්චිකුඩියාරු 93
කාන්චිරන්කුඩා 14
සාගාමම් 37
මුළු ගණන 343
(iv) තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් විසින් ලබා දී ඇති වාර්තා අනුව,
ග්‍රාම නිලධාරි වසම නිවාස ගණන
තංගවේලායුදපුරම් 15
කන්චිකුඩියාරු 19
කාන්චිරන්කුඩා 10
සාගාමම් 28
මුළු ගණන 72
(v) ඉහත (අ) (i)ට අනුව නැවත පදිංචි කිරීමේ කටයුතු අවසන් කර ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-06-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු තේනුක විදානගමගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks