01

E   |     |  

 දිනය: 2023-05-24   පිළිතුර ලබා දී ඇත 

3153/2023: Construction of technology building in Wesley High school in Kalmunai

3153/2023

ගරු තවරාජා කලෙයි අරසන් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      අධ්‍යාපන අමාත්‍යාංශයේ තාක්ෂණික අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් අධ්‍යක්ෂවරයාගේ 2020.06.25 දිනැති ලිපිය ප්‍රකාරව කල්මුනේ අධ්‍යාපන කලාපයේ, කල්මුනේ, කමු/කමු/වෙස්ලි උසස් පාසලේ තාක්ෂණික අධ්‍යාපනය සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අවසර ලබා දී මුල්‍ය ප්‍රතිපාදනද වෙන් කර ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද බවත්;

(ii) ඉහත ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා එම පාසලේ තිබූ පරිගණක කාමරය සහ පන්ති කාමර පහකින් සමන්විත ගොඩනැගිල්ල නිසි අවසරය මත කඩා ඉවත් කරන ලද බවත්;

(iii) මේ වනවිට ඉහත පාසලේ තාක්ෂණික පාඨමාලාව හැඳෑරීම සඳහා නව හෝ පැරණි ගොඩනැගිල්ලක් නොමැති වීමෙන් සිසුන් දුෂ්කරතාවයට පත්ව ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) මේ වනවිටත් ඉදිකිරීම් කටයුතු අවසන් කර නොමැති ඉහත ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වෙන්කරන ලද ප්‍රතිපාදනයේ වර්තමාන තත්ත්වය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-05-24

අසන ලද්දේ

ගරු තවරාජා කලෙයි අරසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks