01

E   |     |  

 දිනය: 2023-10-05   පිළිතුර ලබා දී ඇත 

3109/2023: Horse population in Nedundivu island

3109/2023

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා,— වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

(අ)         (i)         යාපනය, නෙඩුන්තීවු දූපතේ මේ වනවිට සිටින අශ්වයින් සංඛ්‍යාව කොපමණද;

             (ii)       එම දූපතට පළමු වරට අශ්වයන් ගෙන එනු ලැබූ වර්ෂය කවරේද;

            (iii)       එම දූපතේ සිටින අශ්වයන්ට ලබා දෙනු ලබන ආහාර කවරේද;‍

(iv) එම අශ්වයන් රැකබලා ගැනීම සඳහා පත්කර ඇති නිලධාරින් සංඛ්‍යාව කොපමණද;

(v) එම අශ්වයන් රැකබලා ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයක් නෙඩුන්තීවු දූපතෙහි ස්ථාපිත කර තිබේද;

(ii) නොඑසේ නම්, ඊට හේතු කවරේද;

යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-10-05

අසන ලද්දේ

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks