01

E   |     |  

 දිනය: 2023-07-21   පිළිතුර ලබා දී ඇත 

3107/2023: නෙඩුන්තීවු දූපතේ සංචාරක ස්ථාන : ප්‍රතිසංස්කරණය

3107/2023

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා,—  සංචාරක හා ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      යාපනය, නෙඩුන්තීවු දූපතේ පිහිටා ඇති සංචාරක ස්ථානවල නම් කවරේද;

             (ii)      වර්ෂ 2010 සිට 2020 දක්වා නෙඩුන්තීවු දූපතට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) සංචාරකයන් ආකර්ශණය කර ගත හැකි ආකාරයෙන් ඉහත සංචාරක ස්ථාන නඩත්තු කරනු ලබන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) ඉහත (අ)(i)හි සඳහන් සංචාරක ස්ථාන අතරින් මේ වනවිට ප්‍රතිසංස්කරණය කර ඇති සංචාරක ස්ථානවල නම් කවරේද;

(ii) එම සංචාරක ස්ථාන ප්‍රතිසංස්කරණ කිරීම සඳහා වෙන් කරන ලද මුදල කොපමණද;

(iii) මේ වනතෙක් එම සංචාරක ස්ථාන ප්‍රතිසංස්කරණය කර නොමැති නම්, ඊට හේතු කවරේද;

(iv) නෙඩුන්තීවු දූපතේ පිහිටා ඇති සංචාරක ස්ථාන විධිමත් ලෙස ආරක්ෂා කිරීමට සහ නඩත්තු කිරීමට අමාත්‍යාංශය විසින් ගෙන ඇති පියවර කවරේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-07-21

අසන ලද්දේ

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංචාරක හා ඉඩම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      •    ලන්දේසි කුලුන

                        •    ලියලන පාෂාණය

                        •    හනුමන්තා පාදය

                        •    කළු ගලින් නිම වූ පරෙවි කූඩුව

                        •    පෘතුගීසි සමයට අයත් අශ්ව ගාල

                        •    ප්‍රදීපාගාරය

                        •    පැරණි සිර මැදිරිය

                        •    ලන්දේසි බල කොටුව

                        •    පැරණි බෝ ගස

                        •    කොරල් පර සහිත මුහුදු තීරය

                        •    ඉපැරණි හිරිගල් බිත්ති

                        •    බයෝබැබ් ගස

                        •    පැරණි නුග ගස

• තුනක්කු ගස

• කැලෑ අශ්වයින්

• සංචාරක පක්ෂීන්

• දුර්ලභ ඖෂධීය ශාක

• චෝල කාල පරිච්ඡේදයට අයත් ඉපැරණි ශිව කෝවිල

• උසාවි සංකීර්ණය

• සාන්ත අන්තෝනි පල්ලිය

• මනන්තුරෛ වැලි සහිත මුහුදු තීරය

• ඖෂධීය පොකුණ

(ii) සංඛ්‍යාලේඛනාත්මක අගයක් ලබා ගැනීම සඳහා හැකියාවක් නැත.

(iii) පළාත් පාලන ආයතන හා ඩෙල්ෆ් ප්‍රාදේශීය ලේකම් මඟින් නඩත්තු කිරීමක් සිදු කරනු ලබයි.

(ආ) (i) මෙහි බහුතරයක් ස්ථාන පාලනය කරනු ලබන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟිනි. මුහුදු තීරයෙහි ඇතැම් සංවර්ධන අවශ්‍යතා උතුරු පළාත් සභාව මඟින් ක්‍රියාත්මක කර ඇත. පළාත් පාලන ආයතන මඟින් හා ප්‍රාදේශීය ලේකම් මඟින් නඩත්තු කිරීමක් සිදු කරනු ලබයි.

සංචාරක නිකේතනය සංවර්ධනය කර ඇත.

ලන්දේසි රෝහල අලුත්වැඩියා කර ඇත.

(ii) සංචාරක අමාත්‍යාංශය හරහා ප්‍රතිසංස්කරණය කිරීමක් සිදු කර නොමැති නමුත්, රුපියල් මිලියන 2.5ක් වැය කරමින් අවශ්‍ය උපකරණ හා යටිතල පහසුකම් සැපයීමක් 2017 වර්ෂයේදී සිදු කර ඇත. මීට අමතරව වෙනත් ප්‍රතිපාදන හරහා සංවර්ධන අවශ්‍යතා කිහිපයක් සිදු කර ඇත. ඒවා පහතින් දැක්වේ.

අනු අංකය

වැඩසටහන් විස්තරය

වර්ෂය

මූල්‍ය ප්‍රතිපාදන ලද ප්‍රභවය

ප්‍රතිපාදන වෙන් කිරීම

1.

ඩෙල්ෆ් දූපතේ පිහිටි බයෝබැබ් ගස ආශ්‍රිත ප්‍රදේශය අලංකරණය කිරීම සහ වැඩිදියුණු කිරීම

2015

PSDG ව්‍යාපෘතිය

මිලියන 2.38

2.

ඩෙල්ෆ් දූපතේ පරෙවි කූඩුව සංරක්ෂණය කරමින් යටිතල පහසුකම් සැපයීම

2015

PSDG ව්‍යාපෘතිය

මිලියන 0.61

3.

වැලි සහිත වෙරළ තීරය අලංකාර කිරීම සහ මූලික පහසුකම් සැපයීම

2017

PSDG ව්‍යාපෘතිය

මිලියන 2.30

4.

ඩෙල්ෆ් දූපතේ මනන්තුරෛ පිහිටි විවේක ස්ථානයට ගෘහ භාණ්ඩ සහ උපකරණ ලබා දී පහසුකම් සැපයීම

2017

සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය

මිලියන 2.50

(iii) ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැති වීම - ඉදිරි වර්ෂය තුළ මෙම දූපතෙහි ප්‍රධාන සංචාරක ආකර්ෂණීය ස්ථාන කිහිපයක් සංවර්ධනය කිරීම සඳහා සැලසුම් කර ඇත.

(iv) ඩෙල්ෆ් දූපත සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත.

(ඇ) වාර්ෂිකව සංචාරක අමාත්‍යාංශය වෙත සංවර්ධන කාර්යයන් සඳහා ලැබෙන ප්‍රතිපාදන සීමිත වේ. ඍජුව සංචාරක අමාත්‍යාංශය මඟින් මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී පවතින ප්‍රතිපාදන සීමාවන්ට අනුකූලව ප්‍රමුඛතා ලේඛනයට අනුව සැලසුම් කොට ක්‍රියාත්මක කිරීම ක්‍රමවේදය වේ. මේ අනුව පසුගිය වර්ෂයන්හි අත්‍යවශ්‍යම වූ සංවර්ධන අවශ්‍යතා කිහිපයක් පමණක් ප්‍රමුඛතාව අනුව හඳුනාගෙන ක්‍රියාත්මක කොට ඇති බවත්, එම ප්‍රතිපාදන සීමාව තුළ දිවයින පුරා විවිධ ආයතනික මට්ටමින් වාර්ෂිකව ලැබෙන බොහෝ යෝජනා සඳහා යෙදවීමට ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන නොමැති වීමත්, පසුගිය වර්ෂයන්හි ඩෙල්ෆ්හි පවතින විවිධ සංවර්ධන අවශ්‍යතා සඳහා මුදල් යෙදවීමට නොහැකි වීමත් හේතුව වේ.

(උදා : 2021 වර්ෂයේ ප්‍රාග්ධන විෂය සඳහා වෙන් වූ මුදල රුපියල් මිලියන 59කි.)

 

පිළිතුරු දුන් දිනය

2023-11-27

විසින් පිළිතුරු දෙන ලදී

ගරු හරීන් ප්‍රනාන්දු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks