01

E   |     |  

 දිනය: 2023-05-24   පිළිතුර ලබා දී ඇත 

3104/2023: Volunteers work as Teaching Assistants

3104/2023

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා,—  අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)    (i)      මේ වනවිට ගුරු සහායක පත්වීම් ලබා දී ඇති උතුරු පළාතේ කිළිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික්කවල රජයේ පාසල්වල ස්වේච්ඡා ගුරුවරුන් ලෙස සේවය කරන ලද සංඛ්‍යාව කොපමණද;

(ii) එම පත්වීම් ලබා දෙන ලද පදනම කවරේද;

(iii) එම පත්වීම් ලබා දෙන ලද දිනය කවරේද;

(iv)  එම ගුරු සහායකයන් පිහිටුවා ඇති වැටුප් පරිමාණය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත සඳහන් ගුරු සහායකයන් ගුරු සේවයේ 3(I) ශ්‍රේණියේ (ආ) තනතුරට පත් කරන ලද දිනය කවරේද;

(ii) ගුරු සහායක පත්වීම් ලබා දීමේදී ස්වේච්ඡා ගුරුවරුන් ලෙස 2013.07.01 දින සිට 2018.08.01 දක්වා සේවය කරන ලද කාල පරිච්ඡේදය ඔවුන්ගේ සේවා කාලයට එකතු නොකිරීමට හේතු කවරේද;

(iii) ස්වේච්ඡා ගුරු පත්වීම් ලබා දෙන දිනය, ඔවුන්ගේ ගුරු සේවයේ මුල් පත්වීම් දිනය ලෙස සැළකීමට කටයුතු කරන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-05-24

අසන ලද්දේ

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks