පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3098/2023
ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා,— අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද දිනය කවරේද;
(ii) එම නඩු තීන්දුව මඟින් වරදකරුවන් කර ඇති එක් එක් පුද්ගලයාගේ නම, ලිපිනය, මේ වනවිට දරනු ලබන තනතුර සහ ඉහත නඩු තීන්දුව ලබා දෙන අවස්ථාව වන විට දරන ලද තනතුර හා සේවා ස්ථානය වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) එම පුද්ගලයන් මේ වනවිටත් උක්ත ආයතනවල ඉතා ඉහළ තනතුරු දරමින් සිටීම, ඉහත අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීමට බාධාවක් බව පිළිගන්නේද;
(iv) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-10-19
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) 2023.01.12
(ii) එම නඩු තීන්දුව මඟින් පහත නම් සඳහන් පුද්ගලයන්ගේ වගකීම් පැහැර හැරීම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග නිකුත් කර ඇත.
|
නම |
ලිපිනය |
තනතුර |
|
මෛත්‍රීපාල සිරිසේන මහතා |
ආරක්ෂක අමාත්‍යාංශය, 15/5, බාලදක්ෂ මාවත හා නො.61, මලලසේකර මාවත, කොළඹ 07. |
හිටපු ජනාධිපති |
|
පූජිත් ජයසුන්දර මහතා |
පොලිස් මූලස්ථානය, කොළඹ 01. |
හිටපු පොලිස්පති |
|
නිලන්ත ජයවර්ධන මහතා |
ආරක්ෂක අමාත්‍යාංශය, 15/5, බාලදක්ෂ මාවත, කොළඹ. |
බුද්ධි සේවා ප්‍රධානි |
|
හේමසිරි ප්‍රනාන්දු මහතා |
ආරක්ෂක අමාත්‍යාංශය, බාලදක්ෂ මාවත, කොළඹ 03 හා සරණංකර මාවත, පාමංකඩ, කිරුළපන. |
හිටපු ආරක්ෂක ලේකම් |
|
සිසිර මෙන්ඩිස් මහතා |
ආරක්ෂක අමාත්‍යාංශය, කොළඹ 03. |
ජාතික බුද්ධි අංශ ප්‍රධානී |
|
රජය |
- |
- |
ඔවුන්ගේ වර්තමාන ලිපින හා තනතුරු පිළිබඳ තොරතුරු මෙම අමාත්‍යාංශය සතුව නොමැත.
(iii) අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ විෂය පථයට අයත් නොවේ.
(iv) අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ විෂය පථයට අයත් නොවේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2023-11-14
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks