පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3095/2023
ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා,— වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2017 සිට මේ දක්වා මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ විසින් උපයන ලද ආදායම සහ දරන ලද වියදම වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම ගුවන් තොටුපළ ඉදිකිරීම සඳහා ලබා ගෙන ඇති දේශීය හා විදේශීය ණය ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම ණය ලබා ගෙන ඇති එක් එක් ආයතනය වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත ගුවන් තොටුපළ ඉදිකිරීම සඳහා ලබා ගන්නා ලද ණය මුදල්, ඵලදායීව භාවිතා කර නොමැති බවට විගණන වාර්තාවලින් අනාවරණය වී ඇති බව පිළිගන්නේද;
(ii) එම ගුවන් තොටුපළ ආර්ථිකයට වැය බරක් නොවී පවත්වාගෙන යාම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-09-05
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
වරාය, නාවික හා ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) ආදායම් සහ වියදම් රුපියල්වලින් ගණනය කර ඇත.
අනෙක් ඔක්කෝම විස්තර ටික ඉහත වගුවේ තිබෙනවා.
(ii) විදේශීය ණය
චීන එක්සිම් බැංකුව මඟින් ඇමෙරිකානු ඩොලර් 189,827,804.76ක් (යුවාන් මිලියන 1,300) සියයට 2ක වාර්ෂික පොලී අනුපාතයකට යටත්ව අවුරුදු 15ක් තුළදී ගෙවා නිම කිරීමට (2015-2030)
දේශීය ණය
ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් රුපියල් බිලියන 4ක ණයකර නිකුතුවක් මඟින් ඉතිරි ගෙවීම් සඳහා AWPLR + සියයට 2ක වාර්ෂික පොලියක් මත වර්ෂ 15ක් තුළදී ගෙවා නිම කිරීමට (2019-2034)
(iii) චීන එක්සිම් බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව
(ආ) (i) එකී ණය මුදල් ඵලදායී ලෙස යොදා ගනිමින් වසරකට මිලියනයක මගී ධාරිතාවක් ඉසිලිය හැකි නව ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් වසර 4ක් තුළ ගොඩනඟා තිබේ.
(ii) ගුවන් තොටුපළ ආර්ථිකයට වැය බරක් නොවී පවත්වාගෙන යෑම සඳහා ගනු ලබන ක්‍රියා මාර්ග රාශියකි. ඒවා මෙසේයි.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නව ව්‍යාපෘති
1. ආයෝජන සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලියවිලි කැඳවීම (EOI)
|
ඍජු ව්‍යාපෘති |
වක්‍ර ව්‍යාපෘති |
|
නඩත්තු අලුත්වැඩියා සහ නැවත ඉදිකිරීමේ (MRO) ව්‍යාපෘති සහ ඊට අදාළ සහාය සේවා |
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති (සූර්ය බලශක්තිය) |
|
ගුවන්යානා අමතර කොටස් නිෂ්පාදනය සහ ගබඩා කිරීම |
ප්‍රවර්ධන සහ සැපයුම් ක්‍රියාවලි කළමනාකරණය (ගබඩා, කුරියර් පහසුකම්, ප්‍රවාහන) |
|
ස්ථීර පදනම් සහිත මෙහෙයුම් (FBO) |
|
|
දීර්ඝ කාලීන ගුවන්යානා නැවතුම් පහසුකම් |
|
2. ගුවන් යානා කොටස් කර සැකසීමේ යෝජනා
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-09-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks