පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3094/2023
ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් ඩිපෝ සංඛ්‍යාව කොපමණද;
(ii) රාජ්‍ය ආයතන සඳහා භාණ්ඩ මිලදී ගැනීමේදි අනුගමනය කළ යුතු ප්‍රසම්පාදන ක්‍රමවේද උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් සඳහා අවශ්‍ය අමතර කොටස් පංචිකාවත්තෙන් මිල දී ගෙන තිබෙන බව දන්නේද;
(iii) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා නිසි ප්‍රසම්පාදන සැලැස්මක් නොමැති බව දන්නේද;
(iv) එසේ නම්, එම මණ්ඩලය සඳහා නිසි ප්‍රසම්පාදන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-07-20
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ 107ක් හා උප ඩිපෝ 11ක් ඇත.
(ii) සියලු මිල දී ගැනීම් නියමිත ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට හා මුදල් රෙගුලාසිවලට අනුකූලව සිදු කෙරෙන අතර, අවස්ථානුකූලව අදාළ සුදුසුකම් සපුරා ලියා පදිංචි වී ඇති පංචිකාවත්ත ප්‍රදේශයේ සැපයුම්කරුවන්ගෙන් ද හදිසි මිල දී ගැනීම් සිදු කෙරේ.
(iii) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා භාණ්ඩ හා සේවා ලබා ගැනීම නිසි ප්‍රසම්පාදන සැලැස්මකට අනුව සිදු කෙරේ.
(iv) අදාළ නොවේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-07-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks