01

E   |     |  

 දිනය: 2024-01-11   පිළිතුර ලබා දී ඇත 

3081/2024: ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය: දෛනික ආදායම සහ ඉන්ධන අවශ්‍යතාව

3081/2023

ගරු අශෝක් අබේසිංහ මහතා,—  ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම කොපමණද;

              (ii)       මණ්ඩලයේ බස්රථ ඇණිය දෛනිකව ධාවනය කරනු ලබන දුර ප්‍රමාණය කිලෝමීටර් කොපමණද;

(iii) ඒ සඳහා වන දෛනික ඉන්ධන අවශ්‍යතාවය කොපමණද;

(iv) එම ඉන්ධන සඳහා වැය වන මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2024-01-11

අසන ලද්දේ

ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      රුපියල් 148,054,841කි.

              (ii)      කිලෝමීටර 1,023,326කි.

             (iii)      ඉන්ධන ලීටර 330,841කි.

             (iv)      රුපියල් 117,779,396කි.

 

(ආ)     අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2024-01-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks