පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3080/2023
ගරු අශෝක් අබේසිංහ මහතා,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) වර්ෂ 2010 සිට 2015 දක්වා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින්—
(i) නිකුත් කරන ලද මාසික සහ වාර්ෂික වාර ප්‍රවේශ පත්‍ර සඳහා;
(ii) ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරින්ට නිකුත් කරන ලද වාර ප්‍රවේශ පත්‍ර සඳහා;
(iii) ක්‍රියාත්මක කරන ලද “නිසි සැරිය”, “ගැමි සැරිය” හා “සිසු සැරිය” ප්‍රවාහන සේවා සඳහා;
මහා භාණ්ඩාගාරය විසින් ලබා දෙන ලද සහනාධාර මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) එම සහනාධාර මුදල් මහා භාණ්ඩාගාරය විසින් මේ වනවිටත් ලබා දෙන්නේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-10-19
අසන ලද්දේ
ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්.
|
වර්ෂය |
පාසල්/විශ්වවිද්‍යාල/කාර්මික විද්‍යාල සිසුන් සඳහා නිකුත් කරන ලද වාර ප්‍රවේශ පත්‍ර සඳහා මහා භාණ්ඩාගාරය විසින් වාර්ෂිකව ලබා දෙන ලද සහනාධාර මුදල (රුපියල් මිලියන) |
|
2010 |
1,369.00 |
|
2011 |
1,385.71 |
|
2012 |
303.76 |
|
2013 |
1,464.95 |
|
2014 |
1,701.64 |
|
2015 |
5.33 |
(ii)
|
වර්ෂයත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරින්ට නිකුත් කරන ලද වාර ප්‍රවේශ පත්‍ර සඳහා මහා භාණ්ඩාගාරය විසින් වාර්ෂිකව ලබා දෙන ලද සහනාධාර මුදල (රුපියල් මිලියන) |
|
|
2010 |
171.79 |
|
2011 |
186.66 |
|
2012 |
155.24 |
|
2013 |
277.91 |
|
2014 |
272.63 |
|
2015 |
231.22 |
(iii)
|
වර්ෂයනිසි සැරිය/ගැමි සැරිය/සිසු සැරිය ප්‍රවාහන සේවා සඳහා මහා භාණ්ඩාගාරය විසින් වාර්ෂිකව ලබා දෙන ලද සහනාධාර මුදල (රුපියල් මිලියන) |
|
|
2010 |
222.56 |
|
2011 |
144.09 |
|
2012 |
145.42 |
|
2013 |
209.02 |
|
2014 |
189.34 |
|
2015 |
186.95 |
(ආ) ඔව්, පාසල්/විශ්වවිද්‍යාල/කාර්මික විද්‍යාල සිසුන් සඳහා නිකුත් කරන වාර ප්‍රවේශ පත්‍ර සඳහා වැය වන මුදලෙන් (50%) සියයට පනහක්ද, ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරින්ට නිකුත් කරන වාර ප්‍රවේශ පත්‍ර සඳහා වැය වන මුදලද, නිසි සැරිය හා සිසු සැරිය සඳහා වැය වන මුදලද මහා භාණ්ඩාගාරය විසින් මේ වන විටත් ලබා දෙනු ලබන අතර, වර්තමානයේ ගැමි සැරිය ක්‍රියාත්මක නොවේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-12-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks