පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3074/2023
ගරු අශෝක් අබේසිංහ මහතා,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ —
(i) සේවය කරනු ලබන මුළු සේවක සංඛ්‍යාව එක් එක් තනතුර අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ස්ථිර සහ කොන්ත්‍රාත්/අනියම් පදනම මත සේවය කරනු ලබන සේවක සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) කොන්ත්‍රාත්/අනියම් පදනම මත මේ වනවිට සේවය කරනු ලබන සේවකයන් ස්ථිර කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-05-10
අසන ලද්දේ
ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:
* Answer tabled:
(අ) (i)
|
|
තනතුර |
දැනට ස්ථිර සේවයේ නියුතු සංඛ්‍යාව |
|
1 |
දුම්රිය සාමාන්‍යාධිකාරි |
1 |
|
2 |
ප්‍රධාන මූල්‍ය නිලධාරි |
1 |
|
3 |
අතිරේක සාමාන්‍යාධිකාරි |
2 |
|
4 |
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි |
4 |
|
5 |
ප්‍රධාන අභ්‍යන්තර විගණක |
1 |
|
6 |
ප්‍රධාන ගණකාධිකාරි |
4 |
|
7 |
ගණකාධිකාරි |
6 |
|
8 |
රසාඥ හා ලෝහ විද්‍යාඥ |
1 |
|
9 |
අධ්‍යක්ෂ - පරිපාලන |
1 |
|
10 |
නියෝජ්‍ය අධ්‍යක්ෂ/සහකාර අධ්‍යක්ෂ-සැලසුම් |
1 |
|
11 |
සහකාර අධ්‍යක්ෂ-තොරතුරු තාක්ෂණ |
2 |
|
12 |
නීති නිලධාරි |
1 |
|
13 |
පරිපාලන නිලධාරි |
8 |
|
14 |
භාෂා පරිවර්තක -ඉංග්‍රීසි/දෙමළ |
2 |
|
15 |
ප්‍රධාන ඉංජිනේරු |
4 |
|
16 |
නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු |
11 |
|
17 |
ඉංජිනේරු අධිකාරි |
6 |
|
18 |
ඉංජිනේරු |
56 |
|
19 |
අධිකාරි |
1 |
|
20 |
නියෝජ්‍ය අධිකාරි/සහකාර අධිකාරි |
22 |
|
21 |
සහකාර අධිකාරි |
3 |
|
22 |
ප්‍රධාන අධීක්ෂණ කළමනාකරු |
29 |
|
23 |
අධීක්ෂණ කළමනාකරු |
271 |
|
24 |
මිනින්දෝරු අධිකාරි |
2 |
|
25 |
මිනින්දෝරු |
6 |
|
|
තනතුර |
දැනට ස්ථිර සේවයේ නියුතු සංඛ්‍යාව |
|
26 |
මැනුම් සහායක |
30 |
|
27 |
දිස්ත්‍රික් පරීක්ෂක |
5 |
|
28 |
දුම්රිය ස්ථානාධිපති |
875 |
|
29 |
ගමනාගමන නිලධාරි |
1 |
|
30 |
එන්ජින් රියදුරු |
288 |
|
31 |
එන්ජින් රියදුරු සහායක |
190 |
|
32 |
එන්ජින් රියදුරු - ෂන්ටින් |
6 |
|
33 |
ෂන්ටර් |
66 |
|
34 |
රියදුරු- මෝටර් රථ |
75 |
|
35 |
ෆෝක් ලිෆ්ට් රියදුරු |
1 |
|
36 |
නියාමක පරීක්ෂක |
11 |
|
37 |
නියාමක |
519 |
|
38 |
පරීක්ෂක |
11 |
|
39 |
උප පරීක්ෂක |
32 |
|
40 |
බඩු පරීක්ෂක |
25 |
|
41 |
සැරයන් |
200 |
|
42 |
ආරක්ෂක - පිරිමි |
114 |
|
43 |
ආරක්ෂක - ගැහැනු |
70 |
|
44 |
ප්‍රවේශ පත්‍ර විභාගකරු |
44 |
|
45 |
ප්‍රවේශ පත්‍ර සංග්‍රාහක |
8 |
|
46 |
යාර්ඩ් ෆෝමන් |
4 |
|
47 |
කළමනාකරණ සේවා නිලධාරි |
649 |
|
48 |
සංවර්ධන නිලධාරි |
376 |
|
49 |
තොරතුරු තාක්ෂණ නිලධාරි |
1 |
|
50 |
තොරතුරු තාක්ෂණ සහකාර |
12 |
|
51 |
සැලසුම් ශිල්පී |
32 |
|
52 |
පර්යේෂණ සහකාර |
1 |
|
53 |
දුම්රිය තාක්ෂණික කළමනාකරණ සහකාර |
1,226 |
|
54 |
දුම්රිය තාක්ෂණ ශිල්පී සහායක |
1,752 |
|
55 |
දුම්රිය මෙහෙයුම් සහායක (පොලිස්මන්) |
222 |
|
56 |
දුම්රිය මෙහෙයුම් සහායක (පොයින්ට්ස්මන්) |
257 |
|
57 |
දුම්රිය කාර්ය සහායක |
5,727 |
|
58 |
ලේඛන සහායක |
8 |
|
59 |
පර්යේෂණ සහකාර |
1 |
|
60 |
නිදන මැදිරි සේවක |
4 |
|
61 |
කාර්යාල සේවක සේවය |
301 |
|
62 |
මූලික තාක්ෂණ ශිල්පී |
411 |
|
63 |
බංගලා භාරකරු |
1 |
|
64 |
නවාතැන් බංගලා සහායක |
3 |
|
65 |
කාන්තා විශ්‍රාම ශාලා සේවිකා |
4 |
|
66 |
බට්ලර් |
2 |
|
67 |
සංඥාකරු |
34 |
|
මුළු එකතුව |
14,045 |
|
(ii)
|
බඳවා ගත් පදනම |
සේවක සංඛ්‍යාව |
|
ස්ථිර |
14,045 |
|
කොන්ත්‍රාත්/සනීපාරක්ෂක කම්කරු |
72 |
|
අනියම් /ආදේශක |
83 |
(iii) ඔව්. මේ සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළ අතර, ඊට අදාළ අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සමඟ සාකචඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-11-14
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks