පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2974/2023
ගරු හේෂා විතානගේ මහතා,— කාන්තා. ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රත්නපුර දිස්ත්‍රික්කයේ ඇති ලියාපදිංචි ළමා නිවාස සංඛ්‍යාව එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම එක් එක් ළමා නිවාසයේ නම, ලියාපදිංචිය ලබා ගෙන ඇති පුද්ගලයා/ආයතනයේ නම, මේ වනවිට සිටින පිරිමි ළමුන් සංඛ්‍යාව සහ ගැහැණු ළමුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) බොහෝ ළමා නිවාසවල අපචාර ක්‍රියා සිදු වන බව වාර්තා වන බැවින්, ඉහත ළමා නිවාස අධීක්ෂණය කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-11-27
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
ගරු කථානායකතුමනි, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර ලබා දෙනවා.
(අ) (i) පරිවාස හා ළමාරක්ෂක සේවා විෂය විමධ්‍යගත විෂයකි. මධ්‍යම රජය යටතේ ඇති පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ ළමා නිවාස පවත්වාගෙන යනු නොලබන අතර, ළමා නිවාස ලියාපදිංචිය හා අධීක්ෂණය සිදු කරනු ලබන්නේ අදාළ පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසිනි.
ඒ අනුව සබරගමු පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වෙතින් ලබාගත් තොරතුරු මත පදනම්ව අදාළ පිළිතුර සකස් කර ඇත.
|
|
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
ළමා නිවාස සංඛ්‍යාව |
|
1 |
රත්නපුර |
2 |
|
2 |
ඇහැලියගොඩ |
2 |
|
3 |
ඇඹිලිපිටිය |
2 |
|
4 |
කලවාන |
1 |
|
5 |
වැලිගෙපොල |
1 |
|
6 |
පැල්මඩුල්ල |
1 |
|
7 |
ගොඩකවෙල |
1 |
|
8 |
කුරුවිට |
1 |
සියල්ලෙහි එකතුව 11යි.
ii) රත්නපුර දිස්ත්‍රික්කයේ ඇති ලියාපදිංචි ළමා නිවාස සංඛ්‍යාව හා ඒවායෙහි සිටින දරුවන් සම්බන්ධ තොරතුරු 2023.11.02 දිනය වන විට පහත පරිදි වේ.
|
|
ප්‍රා.ලේ. කොට්ඨාසය |
ළමා නිවාසයේ නම |
ලියාපදිංචිය ලබා ගෙන ඇති පුද්ගලයාගේ නම/ආයතනයේ නම |
ළමුන් සංඛ්‍යාව |
|
|
|
|
|
|
ගැහැණු |
පිරිමි |
|
01 |
රත්නපුර |
ශාන්ති වින්සෙන්ති ළමා නිවාසය |
දයාවේ සොහොයුරියන්ගේ සංගමය |
68 |
- |
|
02 |
කලවාන |
මව්පිය සෙවන ළමා නිවාසය |
ඥානෝදය පදනම |
- |
15 |
|
03 |
ඇහැලියගොඩ |
සරත් උක්වත්ත ළමා නිවාසය |
සරත් උක්වත්ත කේෂම මන්දිර නඩත්තු කළමනාකරණ එකමුතුව |
10 |
- |
|
04 |
රත්නපුර |
අපේ ගෙදර බෞද්ධ ළමා නිවාසය |
රත්නපුර තරුණ බෞද්ධ සංගමය |
- |
19 |
|
05 |
වැලිගෙපොල |
කුලරත්න ළමා නිවාසය |
කුලරත්න සුබසාධක සංගමය |
30 |
- |
|
06 |
ඇඹිලිපිටිය |
බෝධිරාජ ළමා නිවාසය |
ශ්‍රී බෝධිරාජ පදනම |
30 |
- |
|
07 |
පැල්මඩුල්ල |
මිතුරු මිතුරෝ ළමා නිවාසය |
සී/ස මිතුරු මිතුරෝ සංසදය |
- |
15 |
|
08 |
ඇඹිලිපිටිය |
විසාකා ළමා නිවාසය |
ශ්‍රී බෝධිරාජ පදනම |
3 |
- |
|
09 |
ගොඩකවෙල |
සාන්ති ළමා නිවාසය |
ශ්‍රී බෝධිරාජ පදනම |
15 |
- |
|
10 |
කුරුවිට |
පැරඩයිස් ඉසුරු සෙවන රජයේ භාර ගැනීමේ ළමා නිවාසය |
රජයේ ලියාපදිංචි ළමා නිවාසයකි |
16 |
17 |
|
11 |
ඇහැලියගොඩ |
වියලගොඩ ගැහැණු ළමා රැඳවුම් මධ්‍යස්ථානය |
රජයේ ලියාපදිංචි ළමා නිවාසයකි |
26 |
- |
මේ සියලු දෙනා එකතු කළ විට ගැහැනු ළමයින් 198 දෙනෙකුත්, පිරිමි ළමයින් 66 දෙනෙකුත් සිටිනවා.
(iii) සබරගමුව පළාත් පරිවාස, ළමාරක්ෂක හා සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ රත්නපුර දිස්ත්‍රික්කය තුළ පරිවාස කාර්යාල 04ක් පවතින අතර, එම පරිවාස කාර්යාල අතුරින් බලංගොඩ පරිවාස කාර්යාලය හැර අනෙකුත් පරිවාස කාර්යාල 03 සඳහා ළමා නිවාස වෙන් වෙන්ව පවතී.
මෙම ළමා නිවාස අධීක්ෂණය පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ පරිවාස නිලධාරින් සහ සංවර්ධන නිලධාරින් විසින් නිරන්තරයෙන් සිදු කරන අතරම ස්ථානභාර පරිවාස නිලධාරි, ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරි විසින් මාසිකව ද, සහකාර කොමසාරිස් සහ පරිවාස කොමසාරිස් විසින් අවස්ථාවෝචිතව ද ළමා නිවාස අධීක්ෂණ කටයුතු සිදු කරනු ලැබේ. අධීක්ෂණ කටයුතුවලදී පරිවාස නිලධාරින් දිනය පුරා නිවාසයේ රැඳෙමින් සෑම ළමයෙකු සමඟම පෞද්ගලිකව සාකච්ඡා කර තොරතුරු ලබා ගැනීම සිදු කරන අතර, ඒ සම්බන්ධව මාසික අධීක්ෂණ වාර්තාව මඟින් කොමසාරිස්තුමිය වෙත දැනුම් දීම සිදු කරනු ලබයි. පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරනු ලබන උපදේශන නිලධාරින් ද ළමුන්ගේ ගැටලු සාකච්ඡා කරමින් නිරන්තරව දරුවන්ට අවශ්‍ය උපදේශනය ලබා දෙයි.
එමෙන්ම දරුවන්ගේ මානසික සුවතාව උදෙසා කොමසාරිස්තුමියගේ අනුමැතිය මත විවිධ වැඩසටහන් අදාළ පරිවාස ඒකකය මඟින්, දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය මඟින් හා විවිධ ආයතන විසින් ළමා නිවාසවල පැවැත්වීමට කටයුතු ද සිදු කරනු ලබයි. (උදාහරණ ලෙස සිංහල අලුත් අවුරුදු උත්සවය, නත්තල් උත්සවය, තෛපොංගල් උත්සවය, ක්‍රීඩා උත්සව, කලා උළෙල, සිතුවම් තරග ආදිය)
පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට අමතරව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල උපදේශන නිලධාරි, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි, ළමාරක්ෂක නිලධාරි, වෛද්‍යවරුන් අවශ්‍ය අවස්ථාවලදී මෙම ළමා නිවාස අධීක්ෂණ කටයුතු සිදු කරනු ලබන අතර පොලිස් නිලධාරින් විසින් මාසිකව අධීක්ෂණය සිදු කරනු ලබයි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-11-27
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks