E   |     |  

 දිනය: 2023-09-05   පිළිතුර ලබා දී ඇත 

2971/2023: දඹදිව වන්දනා චාරිකා සංවිධානය කරන ලියාපදිංචි ආයතන: විස්තර

2971/2023

ගරු හේෂා විතානගේ මහතා,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු  අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      දඹදිව වන්දනා චාරිකා සංවිධානය කරනු ලබන ලියාපදිංචි ආයතන හා ඒවායේ ලිපිනයන් ශ්‍රී ලංකාවේ එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) වර්ෂ 2015 සිට 2018 දක්වා දඹදිව වන්දනා කරන ලද ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) දඹදිව වන්දනා චාරිකා සංවිධානය කරනු ලබන සමහර ආයතන එම වන්දනාකරුවන්ගේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග අනුගමනය නොකරන බව දන්නේද;

(iv) ඒ හේතුවෙන් එම වන්දනාකරුවන් දැඩි දුෂ්කරතාවයට පත්වන බව පිළිගන්නේද;

(v) වන්දනාකරුවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමට සහ දඹදිව වන්දනා චාරිකා සංවිධානය කරනු ලබන ආයතන නියාමනය කිරීමට විධිමත් ක්‍රියාමාර්ග සකස් කරන්නේද; 

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-09-05

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

 

(අ)           (i)      ඇමුණුම 01** මඟින් දක්වා ඇත.

              (ii)     

වර්ෂය

මෙම අමාත්‍යාංශයේ ලියා පදිංචි දඹදිව වන්දනා චාරිකා සංවිධාන සමඟ වන්දනා කරන ලද වන්දනාකරුවන් සංඛ්‍යාව

2015

34,551

2016

39,734

2017

36,917

2018

49,146

 

 

 

 

 

 

 

(iii) නිසි ක්‍රියාමාර්ග අනුගමනය නොකරන බවට වාර්තා වන අවස්ථා ද ඇත.

 

(iv) වන්දනාකරුවන් දුෂ්කරතාවන්ට පත්වූ බවට වාර්තා වූ අවස්ථා ද ඇත. මෙවැනි දෑ වාර්තා වූ විට විමර්ශන සිදු කර සාධාරණය ඉටු කර දීම සිදු වේ. 

විස්තර ඇමුණුම 02** මඟින් දක්වා ඇත.

 

(v) විධිමත් ක්‍රියාමාර්ග සකසා ලියා පදිංචි සංවිධාන වෙත විධිමත් උපදෙස් නිකුත් කර ඇත. ඉන්දියාවේ පිහිටි මෙරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අධීක්ෂණය ද පවතී.

එම උපදෙස් ඇමුණුම 03** යටතේ දක්වා ඇත.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2023-11-14

විසින් පිළිතුරු දෙන ලදී

ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks