01

E   |     |  

 දිනය: 2012-12-03   පිළිතුර ලබා දී ඇත 

2320/2012: එළවලු ප්‍රවාහනය කිරීම සඳහා වූ කූඩ ක්‍රමය : විස්තර

2320/’12

 

ගරු රවී කරුණානායක මහතා,— සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)       එළවළු ප්‍රවාහනය කිරීම සඳහා 2012 ජනවාරි මස 15 වැනි දින සිට හඳුන්වා දෙන ලද කූඩ ක්‍රමය ක්‍රියාත්මක වෙමින් පවතින ආකාරය කවරේද;  

            (ii)       කූඩ ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව, නරක් නොවී ඉතිරිකර ගනු ලබන එළවළු ප්‍රතිශතය සහ ඒවායේ වටිනාකම රුපියල්වලින් කොපමණද; 

  (iii)  ඉහත සඳහන් ඉතිරිය විගණනය කරනු ලබන ක්‍රමය කවරේද;

 යන්න එතුමා සඳහන් කරන්නෙහිද?     

(ආ)  (i)  කූඩ ක්‍රමය ක්‍රියාත්මක කිරීම නිසා එළවළුවල මිල පහත බැස තිබේද;

  (ii)  එසේ නම්, මිල ගණන් අඩු වී ඇති ප්‍රමාණයන් ඒ බව තහවරු කළ හැකි සාක්ෂිද සහිතව කවරේද;

  (iii)  ගොවියන් වෙත නැවත කූඩ ප්‍රවාහනය කිරීම සඳහා වැයවන වියදම දැරීම සම්බන්ධයෙන් වගකීම භාර ගන්නා පුද්ගලයාගේ නම කවරේද;

  (iv)  ගොවියන් වෙත නැවත කූඩ ප්‍රවාහනය කිරීම සඳහා වර්ෂයකට වැයවන වියදම කොපමණද;

 යන්න එතුමා සඳහන් කරන්නෙහිද?     

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-12-03

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා (සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා)

(மாண்புமிகு ஜோன்ஸ்டன் பர்னாந்து - கூட்டுறவு, உள்நாட்டு வர்த்தக அமைச்சர்)

(The Hon. Johnston Fernando - Minister of Co-operatives and Internal Trade)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මා සභාගත* කරනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඊයේ තමයි මෙතුමන්ලාගේ විරෝධය තිබුණේ. හැබැයි අද තමයි රවි කරුණානායක මන්ත්‍රීතුමා නැත්තේ. එතුමා ඊයේ පාර්ලිමේන්තුවේ සිටියා. අද තමයි මෙතුමන්ලාගේ නියම strike එක තිබෙන්නේ පාර්ලිමේන්තුවේ, රනිල් වික්‍රමසිංහ මහත්මයාට විරුද්ධව.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ) (i) 2012 ජනවාරි මස 13වන දින නිකුත් කරන ලද විධාන අංක 39 මඟින් එළවලු වර්ග 11ක් සහ පලතුරු වර්ග 10ක් සඳහා අදාළ වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් මේ පිළිබඳව වැටලීම් සිදු කරමින් පවතී. මේ වන විට වැටලීම් 108ක් සිදු කර ඇති අතර, මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පැවරීම මඟින් රු. 435,500/-ක් දඩ මුදල් ලෙස ලැබී ඇත.

(iii) විධිමත් සමීක්ෂණයේදී ඉතිරිය විගණනය කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් යෝජනා කරනු ඇත. මේ පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින පසු අස්වනු තාක්ෂණ ආයතනය විසින් ලබා දී ඇති විස්තර ඇමුණුම්  I හි දක්වා ඇත.

(ආ) (i) සහ (ii)

                        ගැසට් පත්‍රය මඟින් එළවලු හා පලතුරු ප්‍රවාහනයේදී යෝග්‍ය ඇසුරුම් භාවිත කිරිම අනිවාර්ය කිරීම යටතේ දැනට අදාළ වන්නේ එළවලු වර්ග 11ක් සඳහා පමණක් වන අතර, එළවලු මිල වෙනස්වීම වෙනත් සාධක ගණනාවක් මත තීරණය වේ.

(iii) ගොවි බිමේ සිට අස්වැන්න ප්‍රවාහනයේදී ඝන ඇසුරුම් භාවිතය අනිවාර්ය කර නොමැති අතර 2012 ජනවාරි 13වන දින නිකුත් කරන ලද අංක 1740/22 අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් ආවාරණය වනුයේ දේශීය එළවලු හා පලතුරු ප්‍රවාහනය කරන්නන්, බෙදාහරින්නන් හා වෙළෙන්දන් වන බැවින් මෙය අදාළ නොවේ.

(iv) ඉහත (iii) අනුව පැන නොනඟී.

(ඇ) අදාළ නොවේ.

 

 

 

පිළිතුරු දුන් දිනය

2013-05-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks