01

E   |     |  

 දිනය: 2023-06-22   පිළිතුර ලබා දී ඇත 

2934/2023: පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව: නිර්දේශ

2934/2023

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා,— මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අනුව එම ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරින් සංඛ්‍යාව කොපමණද;

(ii) චෝදනා එල්ල වී ඇති ඉහත එක් එක් පොලිස් නිලධාරියාගේ නම, පාස්කු ප්‍රහාරය සිදු කරනු ලබන අවස්ථාව වනවිට දැරූ තනතුර හා රාජකාරි ස්ථානය වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එම නිලධාරින් අතරින් මේ වනවිට සේවයේ නිරතව සිටින එක් එක් නිලධාරියාගේ නම හා  සේවා ස්ථානය වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) එම නිලධාරින් අතරින් සමහර නිලධාරින් ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ තනතුරුවල සේවය කිරීම හේතුවෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ අඩාල කිරීමට හෝ පරීක්ෂණ වාර්තා වෙනස් කිරීමට හැකියාවක් තිබෙන බව පිළිගන්නේද;

(v) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-06-22

අසන ලද්දේ

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අනුව එම කොමිෂන් සභාව විසින් පොලිස් නිලධාරින් වෙත චෝදනා එල්ල කර නොමැති අතර නීතිපතිවරයා විසින් සලකා බැලීම සඳහා නිරීක්ෂණ හා නිර්දේශ ඉදිරිපත් කර ඇත.

              (ii)      අදාළ නොවේ.

             (iii)      අදාළ නොවේ.

(iv) අදාළ නොවේ.

(v) අදාළ නොවේ.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2023-09-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks