පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2879/2023
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2015 සිට මේ දක්වා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලාභය/අලාභය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) 2023 වර්ෂය සඳහා එම සංස්ථාව ප්‍රසාද දීමනා ගෙවා ඇති බව දන්නේද;
(iii) ඒ සඳහා වැය කරන ලද මුදල එක් එක් සේවා ඛණ්ඩය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) මහා භාණ්ඩාගාරයේ උපදෙස් නොතකා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලනාධිකාරිය විසින් ප්‍රසාද දීමනා ගෙවීම සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-05-26
අසන ලද්දේ
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i)
|
වර්ෂය |
වර්ෂය තුළ ලාභ/අලාභ රුපියල් මිලියන |
|
2015 |
(20,520.164) |
|
2016 |
53,027.081 |
|
2017 |
1,055.634 |
|
2018 |
(106,162.414) |
|
2019 |
(11,856.600) |
|
2020 |
2,356.377 |
|
2021 |
(81,816.434) |
|
2022 |
(615,053.142) |
2023 ජූලි මාසය දක්වා ලාභය රුපියල් මිලියන 69,000යි.
(ii) 2023 සඳහා සංස්ථාව ප්‍රසාද දීමනා ගෙවා නැත.
සේවකයන්ගෙන් සියයට 4.2ක පොලියක්ද සමඟ වාරික 10කින් අයකර ගැනීමේ පදනම මත අලුත් අවුරුද්ද සඳහා උත්සව අත්තිකාරම් මුදලක් ලබාදී ඇත.
(iii) අදාළ නොවේ.
(iv) අදාළ නොවේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-08-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කංචන විජේසේකර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks