01

E   |     |  

 දිනය: 2023-04-26   පිළිතුර ලබා දී ඇත 

2878/2023: විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ: විස්තර

2878/2023

ගරු යදාමිණී ගුණවර්ධන මහතා,—  මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       විදේශ රැකියාවල නියුක්ත වී සිටින ශ්‍රී ලාංකිකයන් විසින් ශ්‍රී ලංකාව වෙත ප්‍රේෂණය කරනු ලබන මුදල් ප්‍රමාණය පසුගිය දශක තුනකට පෙර තිබූ ප්‍රමාණයට වඩා මේ වනවිට ඉහළ අගයක් ගන්නා බව දන්නේද;

(ii) වැඩිම ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාවක්  රැකියාවල නියුක්ත වී සිටින විදේශීය රටවල් දහය සහ නගර දහය වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) වැඩිම ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාවක් මුදල් ප්‍රේෂණය කරනු ලබන විදේශීය රටවල් දහය සහ නගර දහය වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) ශ්‍රී ලංකාවට වැඩිම මුදල් ප්‍රමාණයක් ප්‍රේෂණය කරනු ලබන විදේශීය රටවල් දහය සහ නගර දහය වෙන් වෙන් වශයෙන් කවරේද;

 

 

(v) විදේශීය රටවල සිට මුදල් ප්‍රේෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කරන ලද බැංකු හෝ මූල්‍ය ආයතන ති‍බේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-04-26

අසන ලද්දේ

ගරු යදාමිණී ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

කම්කරු හා විදේශ රැකියා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලින් තහවුරු කරගත් පරිදි වැඩිම ශ්‍රී ලාංකික රටවිරුවන් සිටින රටවල් දහය පහත පරිදි වන අතර, නගර වශයෙන් තොරතුරු නොමැත.

                        1.      එක්සත් අරාබි එමිර් රාජ්‍යය

                        2.      සෞදි අරාබිය

                        3.      කටාර් රාජ්‍යය

                        4.      කුවේට් රාජ්‍යය

5. දකුණු කොරියාව

6. මාලදිවයින

7. ඕමානය

8. මලයාසියාව

9. ජපානය

10. ජෝර්දානය

(iii) ශ්‍රී ලංකාවට විදේශ විනිමය ප්‍රේෂණය කරන විදේශයන්හි සේවා නියුක්ත ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව රට අනුව හෝ නගර අනුව හෝ බෙදා වෙන් කිරීමක් කර නොමැත. මේ බව ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින්ද විමසීමකින්ද තහවුරු කර ගන්නා ලදී.

මෙතැනදී මම පැහැදිලි කිරීමක් කරන්න ඕනෑ. ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙලා යන ශ්‍රමිකයන් අවුරුදු දෙකකට පසු නැවත වතාවක් ලියාපදිංචිය අලුත් කළාම අපි ළඟ ඒ පුද්ගලයා පිළිබඳව තොරතුරු තිබුණත්, ඔහුගේ මුදල් ප්‍රේෂණ එවීම් පිළිබඳ තොරතුරු වාර්තා වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවටයි.  මහ බැංකුව හරහා තමයි ඒ මුදල් එන්නේ. ඒවා රටවල් අනුව බෙදා වෙන් කර ගැනීමත්, කොයි රටෙන් කොයි තරම් ප්‍රමාණයක් ආවාද කියන කාරණාව පිළිබඳවත් මැනීම් බැලීම් සියල්ල සිද්ධ වෙන්නේත් මහ බැංකුවෙන්. ඒ වාගේම මහ බැංකුවත් ඒ ඒ බැංකු හරහා ලබා ගන්නා තොරතුරු හරහා තමයි ඒ කර්තව්‍යය සිද්ධ කරන්නේ. මේ සඳහා විධිමත් පද්ධතියක්, විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා මේ වන විට මහ බැංකුව කටයුතු කරමින් සිටිනවා. දත්ත නිල වශයෙන් සහ නිවැරදිව ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා මේ වෙනකොට මහ බැංකුව කටයුතු යොදාගෙන තිබෙනවා. ඒ වාගේම පිට රටවලට යන, පිට රටවල සිටින number එක පිළිබඳව, ඒ කියන්නේ විදේශගත ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තිබෙන්නේ එම කාර්යාංශයේ ලියාපදිංචි වෙලා යන ශ්‍රමිකයන්ගේ තොරතුරු විතරයි. හැබැයි, ඒ රටවල පදිංචිවෙලා සිටින, කාලාන්තරයක් තිස්සේ ඒ රටවල සිටින අපේ ශ්‍රී ලාංකිකයෝ ඊට වඩා විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒ අයත් මුදල් ප්‍රේෂණ එවනවා. හැබැයි මෙතැනදී හරියාකාරවම ශ්‍රමිකයා එවන ප්‍රේෂණ මොනවාද, ඒ රටවලටට ගිහිල්ලා ඉගෙන ගන්නා අය එවන ප්‍රේෂණ මොනවාද, එහෙම නැත්නම් ඒ රටවල පදිංචිවෙලා සිටින අය එවන ප්‍රේෂණ මොනවාද කියන එක ගැන ප්‍රශ්නයක් තිබෙනවා.

පිළිතුරු දුන් දිනය

2023-07-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මනූෂ නානායක්කාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks