පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2848/2023
ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා,— ධීවර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වනවිට ලංකා ධීවර සංස්ථාව සතු ශීතාගාර සංඛ්‍යාව කොපමණද;
(ii) එම ශීතාගාර ස්ථාපිත කර ඇති ප්‍රදේශ කවරේද;
(iii) එම එක් එක් ශීතාගාරයේ ගබඩා ධාරිතාවය වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) එම ශීතාගාර බදු පදනම මත පෞද්ගලික අංශයට ලබා දී තිබේද;
(ii) එසේ නම්, එම ආයතන තෝරාගන්නා ලද ක්‍රමවේදය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-10-19
අසන ලද්දේ
ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ධීවර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) ශීතාගාර සංඛ්‍යාව 12කි.
(ii) එම ශීතාගාර ධීවර සංස්ථා ප්‍රධාන කාර්යාලය, අනුරාධපුර, මහනුවර, බදුල්ල, පොළොන්නරුව, ගාල්ල සහ ගම්පහ යන දිස්ත්‍රික්ක කාර්යාලවල ස්ථාපිතව පවතී.
(iii)
|
කාර්යාලය |
ශීතාගාර සංඛ්‍යාව |
ධාරිතාව (මෙට්‍රික්ටොන්) |
|
ප්‍රධාන කාර්යාලය |
04 |
55 (15x3, 10x1) |
|
ගාල්ල |
03 |
250 (100x1, 75x2) |
|
අනුරාධපුර |
01 |
5 |
|
මහනුවර |
01 |
5 |
|
පොළොන්නරුව |
01 |
5 |
|
බදුල්ල |
01 |
3 |
|
ගම්පහ |
01 |
8 (අක්‍රියයි) |
|
එකතුව |
12 |
331 |
(ආ) (i) ඉහත ශීතාගාර අතුරින් ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයේ පිහිටි මෙට්‍රික්ටොන් 250කින් යුත් ශීතාගාර ත්‍රිත්වය වසර 10ක දිගුකාලීන බදු පදනම යටතේ හැපිකුක් ලංකා සමාගම වෙත බදු දීමට කටයුතු කර ඇත.
(ii) එම ශීතාගාර සංකීර්ණය අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටු අනුමැතිය මත ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ප්‍රසම්පාදන ක්‍රමය යටතේ බදු දීමට ක්‍රියා කර ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-11-14
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks