පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2847/2023
ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා,— වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) දඹුල්ලේ ඉදිකරනු ලබන ආහාර සුරක්ෂිතතා මධ්‍යස්ථානයේ වර්තමාන ප්‍රගතිය කවරේද;
(ii) එම මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා වැය කරනු ලබන මුදල කොපමණද;
(iii) එහි ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වීමට හේතු කවරේද;
(iv) එම මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට අපේක්ෂිත දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-10-04
අසන ලද්දේ
ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) දඹුල්ලේ ඉදිකරනු ලබන ආහාර සුරක්ෂිතතා මධ්‍යස්ථානයේ වැඩවලින් සියයට 80ක් පමණ වර්තමානය වන විට නිම වී ඇත.
(ii) ඒ සඳහා වැය කරනු ලබන මුළු මුදල රුපියල් මිලියන 525කි.
(iii) මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා තෝරා ගත් ඉඩම සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීම නිසාත්, කොවිඩ් වසංගතය හේතුවෙන් ඉදිකිරීමේ කටයුතු සඳහා කාර්ය මණ්ඩලවලට වැඩ බිමට යෑමට නොහැකි වීම හා පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම ඉදිකිරීම් කටයුතු නිම කිරීම ප්‍රමාද වී ඇත.
(iv) 2024.03.31 දිනට වැඩ අවසන් කිරීමට අපේක්ෂිතය.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-10-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නලින් ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks