04

E   |     |  

 දිනය: 2023-10-04   පිළිතුර ලබා දී ඇත 

2694/2023: Need of renovation in Anuradhapura main post office

2694/2023

ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා,— ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      අනුරාධපුර ප්‍රධාන තැපැල් කාර්යාලය ස්ථාපිත කර ඇති ගොඩනැගිල්ල මේ වනවිට අබලන් තත්ත්වයට පත් වී ඇති බවත්;

             (ii)      ඒ හේතුවෙන් පාරිභෝගික ජනතාවගේ සහ සේවකයන්ගේ ජිවිතවලට පවා තර්ජනයක් ඇති බවත්;

එතුමා දන්නෙහිද?

 

(ආ) (i) ඉහත ගොඩනැගිල්ල අලුත්වැඩියා නොකර එය පිහිටි, තැපැල් දෙපාර්තමේන්තුව සතු ඉඩම නිවාස ව්‍යාපෘතියක් සඳහා පෞද්ගලික සමාගමකට ලබා දීමට පියවර ගෙන තිබේද;

(ii) ඒ සඳහා මේ වනවිට එකඟ වී ඇති කොන්දේසි කවරේද;

(iii) ඉඩමේ හා ගොඩනැගිල්ලේ අයිතිය තැපැල් දෙපාර්තමේන්තුව සතුව තබාගෙන එම ඉඩමෙහි ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) මේ වනවිට පාඩු ලබන තත්ත්වයක පවතින තැපැල් දෙපාර්තමේන්තුව ලාභ ලබන තත්ත්වයකට පත් කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

(ii) වර්තමාන සමාජයට හා වෙළඳ‍පොළ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි තැපැල් දෙපාර්තමේන්තුව නවීකරණය කිරීමට පියවර ගන්නේද;

 යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-10-04

අසන ලද්දේ

ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks