04

E   |     |  

 දිනය: 2023-05-10   පිළිතුර ලබා දී ඇත 

2690/2023: Need of quality seeds in agrarian sector

2690/2023

ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ප්‍රමිතියෙන් උසස් බීජ සපයා ගැනීම, කෘෂිකර්මාන්තයේ නිරත වී සිටින ගොවීන්ට ඇති ප්‍රධාන ගැටලුවක් බවත්;

            (ii)       වෙළඳපොළ තුළ අධික මිල ගණන්වලට බීජ අලෙවි කරනු ලබන බවත්;

(iii) එම බීජ ප්‍රමිතියෙන් තොර බවත්;

  (iv) ඒ හේතුවෙන් ගොවීන් දැඩි අපහසුතාවයන්ට පත් වී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ගොවීන්ට ප්‍රමිතියෙන් උසස් බීජ ලබා දීම සඳහා මේ වනවිට ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ කවරේද;

(ii) ගොවීන්ට අවශ්‍ය බීජ රජයේ අනුග්‍රහය යටතේ ලබා දීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේද;

(iii) බීජ සඳහා පාලන මිලක් නියම කිරීමට පියවර ගන්නේද;

(iv) ශ්‍රී ලංකාවට අවශ්‍ය බීජ ප්‍රමාණය මෙරට තුළම නිෂ්පාදනය කර අඩු මිලට ගොවීන්ට ලබා දීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේද;

(v) ගොවිජන සේවා මධ්‍යස්ථාන, ප්‍රාදේශීය බීජ ගබඩා මධ්‍යස්ථාන ලෙස වැඩිදියුණු කිරීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-05-10

අසන ලද්දේ

ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks