04

E   |     |  

 දිනය: 2023-04-26   පිළිතුර ලබා දී ඇත 

2689/2023: Government programme for purchasing paddy in Maha season

2689/2023

ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       2022/2023 වර්ෂයේ මහ කන්නයේ වී අස්වැන්න නෙලමින් පවතින බැවින්  වී මිලදී ගැනීම සඳහා මේ වනවිට ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවළ කවරේද;

             (ii)       අක්කරයක භූමියක වී වගා කිරීම සඳහා වියදම් වන මුදල කොපමණද;

(iii) වී මිල තීරණය කිරීමේදී එම මුදල පදනම් කර ගෙන තිබේද;

(iv) පුද්ගලික වෙළෙන්දන් විසින් ඉතා අඩු මිලට වී මිලදී ගැනීම, වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) වී භාවිතා කරමින් සහල් හෝ වෙනත් නිෂ්පාදන බිහි කර ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කිරීමට, අපනයන වෙළඳපොළ දියුණු කිරීමට සහ ගොවීන්ට සහන ලබා දීමට පියවර ගන්නේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-04-26

අසන ලද්දේ

ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks