logo

03

E   |     |  

 දිනය: 2023-12-06   පිළිතුර ලබා දී ඇත 

2625/2023: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව: අක්‍රමිකතා

2625/2023

ගරු නීතීඥ මධුර විතානගේ මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      වර්ෂ 2015 සිට 2019 දක්වා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ යම් අක්‍රමිකතාවයක්, අයථා පත්වීමක්, දූෂණ ක්‍රියාවක් හෝ නීති විරෝධි ක්‍රියාවක් සිදු වී තිබේද;

             (ii)      එසේ නම්, ඒවා වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) ඉහත සඳහන් එක් එක් කරුණ හේතුවෙන් රජයට අහිමි වී ඇති මූල්‍ය, දේපල හා මානව සම්පත්වල වටිනාකම වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) ඉහත (අ) (i) හි සඳහන් ක්‍රියා සඳහා වගකිව යුතු නිලධාරින් හඳුනාගැනීමට විමර්ශන සිදු කර තිබේද;

(ii) වගකිව යුතු නිලධාරින් හඳුනාගෙන ඇත්නම්, ඔවුන්ට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

(iii) ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගෙන නොමැති නම්, ඊට හේතු කවරේද;

(iv) ඉදිරියේදී ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගනු ලබන්නේද;‍

  (v) ඉදිරියේදී  සිදු විය හැකි මෙවැනි ක්‍රියා වැළැක්වීම සඳහා  ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-12-06

අසන ලද්දේ

ගරු නීතිඥ මධුර විතානගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      වර්ෂ 2015 සිට 2019 දක්වා මෙම දෙපාර්තමේන්තුවේ යම් අක්‍රමිකතාවක්, අයථා පත්වීමක්, දූෂණ ක්‍රියාවක් හෝ නීති විරෝධී ක්‍රියාවක් සිදු වී නැත.

              (ii)      අදාළ නොවේ.

            (iii)      අදාළ නොවේ.

 (ආ)        (i)      අදාළ නොවේ.

              (ii)      අදාළ නොවේ.

            (iii)      අදාළ නොවේ.

             (iv)      අදාළ නොවේ.

              (v)      අදාළ නොවේ.

(ඇ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2023-12-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks