පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2624/2023
ගරු නීතීඥ මධුර විතානගේ මහතා,— ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2015 සිට 2019 දක්වා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ යම් අක්‍රමිකතාවයක්, අයථා පත්වීමක්, දූෂණ ක්‍රියාවක් හෝ නීති විරෝධි ක්‍රියාවක් සිදු වී තිබේද;
(ii) එසේ නම්, ඒවා වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) ඉහත සඳහන් එක් එක් කරුණ හේතුවෙන් රජයට අහිමි වී ඇති මූල්‍ය, දේපල හා මානව සම්පත්වල වටිනාකම වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ඉහත (අ) (i) හි සඳහන් ක්‍රියා සඳහා වගකිව යුතු නිලධාරින් හඳුනාගැනීමට විමර්ශන සිදු කර තිබේද;
(ii) වගකිව යුතු නිලධාරින් හඳුනාගෙන ඇත්නම්, ඔවුන්ට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
(iii) ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගෙන නොමැති නම්, ඊට හේතු කවරේද;
(iv) ඉදිරියේදී ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගනු ලබන්නේද;
(v) ඉදිරියේදී සිදු විය හැකි මෙවැනි ක්‍රියා වැළැක්වීම සඳහා ගනුලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-11-10
අසන ලද්දේ
ගරු නීතිඥ මධුර විතානගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආයෝජන ප්‍රවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) සහ (iii) පහත වගුවේ දැක්වේ.
|
|
|
|
2015 |
2016 |
2017 |
2018 |
2019 |
|
|
අ |
i |
|
|
|
|
|
|
|
|
අ |
ii |
අක්‍රමිකතාවක් |
|
ආනයනික අමුද්‍රව්‍ය සහ අපනයන භාණ්ඩ අතර කැපී පෙනෙන වෙනසක් සිදු වීම. |
|
අ. වෙළඳ සංඛ්‍යා ලේඛනවල දෝෂ ඇතිවන ආකාරයට ආයෝජන මණ්ඩල කස්ඩෙස් පත්‍ර වැරදි ලෙස සංශෝධනය කිරීම. ආ. සීමාසිහත හේලීස් ප්‍රිසෝන් විසින් භාවිත කළ මෙට්ට ආනයනය කිරීම (හේලීස් ප්‍රිසෝන් හබ් සමාගම) ඇ. සුළු කොන්ත්‍රාත් කටයුතු සඳහා ලංසු තැබීමේදී ළබැඳියාවන් අතර ගැටුම. |
වයඹ ප්‍රාදේශීය කාර්යාලයේ ක්ෂේත්‍ර කම්කරුවකුගේ අශෝභන හැසිරීම. |
|
|
|
|
අයථා පත්වීමක් |
|
|
|
|
|
|
|
|
|
දූෂණ ක්‍රියාවක් |
ආයෝජන මණ්ඩල සභාපති කාර්යාලයේ තිබූ ඡායා පිටපත් පැකට් නැතිවීම. |
|
|
|
|
|
|
|
|
නීති විරෝධී ක්‍රියාවක් |
මීරිගම අපනයන සැකසුම් කලාපයේ මුදල් අවභාවිත කිරීම. |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|||
|
අ |
iii |
රජයට අහිමි වී ඇති |
මුදල |
දේපළ |
මානව සම්පත්වල වටිනාකම |
|||
|
|
|
අක්‍රමිකතාවක් |
|
ඡායා පිටපත් පැකට් 05ක් |
|
|||
|
|
|
අයථා පත්වීමක් |
|
|
|
|||
|
|
|
දූෂණ ක්‍රියාවක් |
රු.359,358.74 |
|
|
|||
|
|
|
නීති විරෝධි ක්‍රියාවක් |
|
|
|
|||
(ආ) (i) ඔව්.
(ii) පහත දැක්වේ.
|
|
විස්තරය |
වගකිව යුතු නිලධාරියාට එරෙහිව ගත් ක්‍රියා මාර්ග |
|
1 |
ආයෝජන මණ්ඩල සභාපති කාර්යාලයේ තිබූ ඡායා පිටපත් පැකට් නැතිවීම. |
මණ්ඩලීය සේවකයන් දෙදෙනෙකු සේවයෙන් පහ කිරීම. |
|
2 |
මීරිගම අපනයන සැකසුම් කලාපයේ මුදල් අවභාවිත කිරීම. |
මණ්ඩලීය සේවයෙන් පහ කිරීම සහ අදාළ සම්පූර්ණ මුදල වන රු. 359,358.74ක් නිලධාරියාගෙන් අය කර ගැනීම. |
|
3 |
ආනයනික අමුද්‍රව්‍ය සහ අපනයන භාණ්ඩ අතර කැපී පෙනෙන වෙනසක් සිදුවීම. |
මණ්ඩලීය නිලධාරියෙකු සම්බන්ධ නැත. අදාළ ගිවිසුම අවලංගු කිරීම. |
|
4 |
වෙළඳ සංඛ්‍යා ලේඛනවල දෝෂ ඇතිවන ආකාරයට ආයෝජන මණ්ඩල කස්ඩෙස් පත්‍ර වැරදි ලෙස සංශෝධනය කිරීම. |
වෙනත් ස්ථානයක් වෙත මාරු කිරීම. |
|
5 |
සීමාසහිත හේලීස් ප්‍රිසෝන් විසින් භාවිත කළ මෙට්ට ආනයනය කිරීම. (හේලීස් ප්‍රිසෝන් හබ් සමාගම) |
හබ් මෙහෙයුම් කටයුතුවලින් අදාළ නිලධාරියා ඉවත් කිරීම. |
|
6 |
සුළු කොන්ත්‍රාත් කටයුතු සඳහා ලංසු තැබීමේදී ළබැඳියාවන් අතර ගැටුම. |
වෙනත් ස්ථානයක් වෙත මාරු කිරීම. |
|
7 |
වයඹ ප්‍රාදේශීය කාර්යාලයේ ක්ෂේත්‍ර කම්කරුවන්ගේ අශෝභන හැසිරීම. |
අදාළ සේවකයාට තරවටු කිරීම හා කටුනායක අපනයන සැකසුම් කලාපය වෙත ස්ථාන මාරුකර හැරීම. |
(iii) අදාළ නොවේ.
(iv) අදාළ නොවේ.
(v) මේ පිළිබඳව නිලධාරින් දැනුවත් කර ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-01-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දිලුම් අමුණුගම මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks