පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2552/2023
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වයස අවුරුදු 60 සම්පූර්ණ වීම මත 2022.12.31 වැනි දිනට විශ්‍රාම ගන්වන ලද රජයේ ගුරුවරුන් සංඛ්‍යාව කොපමණද;
(ii) විශාල ගුරුවරුන් සංඛ්‍යාවක් එකවර විශ්‍රාම ගැන්වීම හේතුවෙන් රජයේ පාසල් පද්ධතිය අකර්මණ්‍ය වීමේ අවදානමක් තිබේද;
(iii) ඉහත විශ්‍රාම ගැන්වීම හේතුවෙන් ඇති වූ ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-09-22
අසන ලද්දේ
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) වයස අවුරුදු 60 සම්පූර්ණ වීම මත 2022.12.31 වැනි දිනට විශ්‍රාම ගන්වන ලද රජයේ ගුරුවරුන් සංඛ්‍යාව 6,018කි.
(ii) අකර්මණ්‍ය වී නැතත් ගුරු හිඟයක් ඇති වී තිබේ.
(iii) * විශ්‍රාම යාම, ඉල්ලා අස්වීම, සේවය අතහැර යෑම හා වැටුප් රහිත නිවාඩු මත විදේශගත වීම යන හේතු මත පාසල් පද්ධතියේ සැලකිය යුතු ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් ඇති වූ අතර එහිදී වැඩි වශයෙන් ගුරු පුරප්පාඩු පවතිනු ලබනුයේ පළාත් පාසල්වල බව නිරීක්ෂණය වූ බැවින් පළාත් පාසල්වල ඇති වී තිබෙන ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරින් බඳවා ගැනීමට යෝජනා විය.
* ඒ අනුව විශ්‍රාම යාම, ඉල්ලා අස්වීම, සේවය අතහැර යාම හා වැටුප් රහිත නිවාඩු මත විදේශගත වීම හේතුවෙන් දිවයිනේ පළාත් පාසල්වල ඇති වූ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරින් බඳවා ගැනීම යන මැයෙන් ඉදිරිපත් කරන ලද අංක ED/EST/23/90 හා 2023.08.15 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අංක මප/23/1573/607/124 හා 2023.09.04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් විශ්‍රාම යාම, ඉල්ලා අස්වීම, සේවය අතහැර යාම යන හේතු මත දිවයිනේ පළාත් පාසල්වල ඇති වී තිබෙන ගුරු පුරප්පාඩු සඳහා අදාළ පළාත් සභා විසින් උපාධිධාරින් බඳවා ගැනීම පිණිස අනුමැතිය ලබා දී ඇත.
* ඒ අනුව විශ්‍රාම යාම, ඉල්ලා අස්වීම, සේවය අතහැර යාම යන හේතු මත පමණක් ඇතිවන සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරින් ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි පියවර ගන්නා මෙන් අධ්‍යාපන ලේකම්ගේ අංක ED/02/29/21/AL/02- VI වෙළුම හා 2023.09.08 දිනැති ලිපිය මඟින් සියලු පළාත් බලධාරින් දැනුවත් කර ඇත.
ඒ අනුව උතුරු පළාත හා නැඟෙනහිර පළාත හැර අනෙකුත් සියලු පළාත් විසින් මීට අදාළ බඳවා ගැනීමේ නිවේදන නිකුත් කර ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, පුරප්පාඩු පිරවීමට අවශ්‍ය කටයුතු කරන අවස්ථාවේදී පහත සඳහන් ආකාරයෙන් පුරප්පාඩු ගණනය කර ඇත.
ඒ ආදී වශයෙන් 10,635ක් බඳවා ගැනීම සඳහා එක් එක් පළාත් විසින් නිවේදන නිකුත් කර අයදුම්පත් කැඳවා විභාග පවත්වා සම්මුඛ පරීක්ෂණ අවසන් කර පත්වීම් ලබා දීමට සැරසෙන අවස්ථාවේදී පෙත්සම් ඉදිරිපත් වීම මත අභියාචනාධිකරණයේ රිට් නියෝග ලබා ගැනීමට කටයුතු කළ අතර, අද දිනයේදී එම නඩු දෙකේ නියෝග ලැබීමට නියමිතව තිබෙනවා. ඒ අනුව 10,635ක් බඳවා ගැනීම සඳහා අවශ්‍ය පියවර අරගෙන තිබුණා.
ඊට අමතරව විද්‍යාව, ගණිතය, භාෂා, විදේශ භාෂා, තාක්ෂණවේදය සඳහා උපාධිධාරින් බඳවා ගැනීමට 5,450ක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන එයින් 1,700ක් ජාතික පාසල් සඳහා බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා අවසන් කර ඇත. උසස් පෙළ විභාගය අවසන් වෙච්ච වහාම ඒ 1,700 බඳවා ගැනීමට විභාගය පැවැත්වීමට කටයුතු යොදා ඇත.
පළාත් සභා සඳහා වෙන් කර තිබූ තනතුරු 3,750ක් සඳහා මේ වන විට නිවේදන නිකුත් කර විභාග පවත්වා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව උපාධිධාරි නව බඳවා ගැනීම් 10,635ක් සහ 3,750ක් ලෙස 14,385ක් පළාත් පාසල් සඳහා බඳවා ගැනීමට කටයුතු කර ඇත. අද ලබා දෙන නියෝගය අනුව ලබන සතියේ සිට බඳවා ගැනීම් කළ හැකිව තිබෙනවා.
ඊට අමතරව 22,000ක් උපාධිධාරින් සංවර්ධන නිලධාරින් අතරින් බඳවා ගැනීමට කටයුතු කර තිබියදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගොනු කිරීම නිසා නිකුත් කළ අතුරු තහනම් නියෝගය මත එය ඇණ හිට තිබෙන අතර, අයදුම්පත් 50,000ක් මේ වන විට ලැබී ඇත. කෙසේ වෙතත්, 11.01.2024 වැනි දින එම නඩුව නැවත කැඳවා ඇත. එදින වන විට මේ නඩුව අවසන් වුණොත් එම 22,000 බඳවා ගැනීම සඳහා කඩිනමින් විභාගය පවත්වා කටයුතු කරනු ඇත. ඒ අනුව සමස්ත ගණන ලෙස 36,385ක් බඳවා ගැනීම සඳහා මේ වන විට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-01-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks