01

E   |     |  

 දිනය: 2023-08-25   පිළිතුර ලබා දී ඇත 

2533/2023: මුතූර් මූලික රෝහල: සේවකයන් සහ පුරප්පාඩු

2533/2023

ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—            

(අ)         (i)      ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, මූතූර්  මූලික රෝහල සඳහා අනුමත සේවක සංඛ්‍යාව සහ මේ වනවිට සේවය කරනු ලබන සේවකයන් සංඛ්‍යාව;

             (ii)      එම රෝහලේ සේවය කරනු ලබන වෛද්‍යවරු හා හෙදියන් සංඛ්‍යාව ඔවුන්ගේ සන්නිවේදන භාෂාව අනුව;

  වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) ඉහත රෝහලේ මේ වනවිට පවතින පුරප්පාඩු පිරවීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-08-25

අසන ලද්දේ

ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)        ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, මුතූර් මූලික රෝහල සඳහා 2023.07.31 දින වන විට අනුමත සේවක සංඛ්‍යාව 319ක් වන අතර, මේ වන විට සේවය කරනු ලබන සේවක සංඛ්‍යාව 209කි. ඊට අදාළ ඇමුණුම ඉදිරිපත් කර ඇත. එම ඇමුණුම මම සභාගත* කරනවා.

              (ii)        මුතූර් මූලික රෝහලේ සේවය කරනු ලබන වෛද්‍යවරුන් සහ හෙදියන් සංඛ්‍යාව ඔවුන්ගේ සන්නිවේදන භාෂාව අනුව වෙන් වෙන් වශයෙන් පහත දක්වා ඇත.

වර්ගය

සිංහල

දෙමළ

එකතුව

වෛද්‍යවරුන්

18

21

39

හෙදියන්

26

37

63

 

 

(ආ) අනුමත සේවක සංඛ්‍යාව  හා සේවා ප්‍රමුඛතා  පදනම් කර ගනිමින් ඉදිරි පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරි ස්ථානගත කිරීම් යටතේ ශ්‍රේණි වෛද්‍ය නිලධාරි පුරප්පාඩු සම්පූර්ණ කිරීමට කටයුතු කරනු ලැබේ.

හෙද සේවයේ III ශ්‍රේණියේ හෙද නිලධාරි තනතුරට අදාළව 2018 කණ්ඩායම යටතේ සිසු හෙද පුහුණුව සම්පූර්ණ කර ඇති කණ්ඩායමට ඉදිරියේදී පත්වීම් ලබා දීමට නියමිතව පවතී. ඒ අනුව නැ‍ඟෙනහිර පළාත් සභාවේ පවත්නා පුරප්පාඩු සඳහා හෙද නිලධාරින් අනුයුක්ත කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් සිදු කරනු ලබන අතර, මුතූර් රෝහලේ පවතින පුරප්පාඩු සඳහා අනුයුක්ත කිරීම් පළාත් සභාව මඟින් සිදු කරනු ලැබේ. (අනෙකුත් රෝහල්වල පවත්නා පුරප්පාඩු ද සලකා බැලේ.)

(ඇ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2023-09-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks