පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2529/2023
ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව රැකියා 100,000 ක් ලබාදීමේ වැඩසටහන යටතේ වර්ෂ 2020 සිට 2021 දක්වා රැකියා ලබා දී ඇති සංඛ්‍යාව කොපමණද;
(ii) මේ වනවිට ලබා දී නොමැති ඉතිරි රැකියා සංඛ්‍යාව ලබා දීමේ යාන්ත්‍රණය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත වැඩසටහන යටතේ රැකියාලාභින් සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව සහ සිංහල, දෙමළ හා මුස්ලිම් ලෙස වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම වැඩසටහන යටතේ නැගෙනහිර පළාතේ රැකියාලාභින් සංඛ්‍යාව කොපමණද;
(iii) නැගෙනහිර පළාතේ රැකියාලාභින් සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ රැකියාලාභින් සංඛ්‍යාව එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-05-09
අසන ලද්දේ
ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ වර්ෂ 2020 සිට 2021 දක්වා පුහුණු අවස්ථා 38,316ක් ලබා දී ඇත.
(ii) දැනට පුහුණුලාභීන් බඳවා ගැනීම දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.
"සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩසටහන යටතේ බහුකාර්ය සංවර්ධන සහායකයින්හට කිසිදු අයුරකින් රජයේ රැකියා ලබා දීමක් සිදුව නොමැති අතර, හුදෙක් පුහුණුලාභී වැඩසටහනක් ලෙස ක්‍රියාත්මකව ඇති අතර මෙම වැඩසටහන යටතේ 2021.12.31 වන දිනට තෝරා ඇති පුහුණුලාභීන් සංඛ්‍යාව 38,316ක් වේ. එමෙන්ම 2021.12.31 වන දිනට පසුව එම තෝරා ගැනීම් අවසන් වූ 2022.03.05 දින දක්වා ලබා දී ඇති පුහුණු අවස්ථා සංඛ්‍යාව 59කි. මේ අනුව අද දින වන විට රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගෙන ඇති මුළු පුහුණුලාභීන් සංඛ්‍යාව 38,375ක් වේ.
තෝරාගෙන ඇති පුහුණුලාභීන් සංඛ්‍යාව ගැන පමණක් සලකා බැලීමේදී පුහුණු අවස්ථා ලක්ෂය දක්වා මෙම වැඩ සටහන සම්පූර්ණ කරන්නේ නම් තවදුරටත් ලබා දිය හැකි පුහුණුලාභී අවස්ථා ගණන 61,625ක් වේ.
මෙම පුහුණු වැඩසටහන වර්තමානයේ රට තුළ පවතින උද්ධමනකාරී තත්ත්වය සහ මූල්‍ය ප්‍රතිපාදන හිඟතාව හේතුවෙන් නව පුහුණුලාභීන් තෝරා ගැනීම දින නියමයක් නොමැතිව කල් තබා ඇත.
(ආ) (i) මෙම වැඩසටහන යටතේ එක් එක් දිස්ත්‍රික්කය අනුව පුහුණු අවස්ථා ලබා දී ඇති සංඛ්‍යාව ඇමුණුම 01 මඟින් දක්වා ඇති අතර සිංහල, දෙමළ හා මුස්ලිම් වශයෙන් පුහුණු අවස්ථා ලබා දී ඇති සංඛ්‍යාව පහත පරිදි වේ.
සිංහල 35,845
දෙමළ 1,472
මුස්ලිම් 99
බර්ගර් 03
එකතුව 38,316
=====
(ii) මෙම වැඩසටහන යටතේ නැඟෙනහිර පළාතේ පුහුණුලාභීන් සංඛ්‍යාව 2,830. විස්තර ඇමුණුම 02හි සඳහන් වේ.
(iii) ත්‍රිකුණාමලය 582
අම්පාර 1,817
මඩකලපුව 431
එකතුව 2830
====
(iv) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 තුළ පුහුණු අවස්ථා බෙදී ඇති ආකාරය පහත පරිදි වේ.
කන්තලේ 141
ගෝමරන්කඩවල 70
කුච්චවේලි 38
මොරවැව 64
මුතූර් 37
පදවි ශ්‍රීපුර 59
සේරුවිල 42
තඹලගමුව 21
නගර හා කඩවත් 68
වෙරුගල් 8
කින්නියා 34
එකතුව 582
===
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-05-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks