පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක‍්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2272/’12
ගරු දයාසිරි ජයසේකර මහතා,— ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත්, කොළඹ, මාලිගාවත්ත ජාතික නිවාස යෝජනා ක‍්‍රමයේ ඊ 2/2/2 දරන නිවාස ඒකකයේ හිමිකරුගේ නම කවරේද;
(ii) එම නිවාස ඒකකය භාවිත කරන්නන් විසින් සැලැස්මට අනුකූල නොවන ලෙස එම නිවාස ඒකකය වෙනස් කිරීමකට භාජනය කිරීමක් හෝ පුළුල් කිරීමක් හෝ සිදුකර තිබේද;
(iii) එසේ නම්, ඒ සඳහා අනුමතිය ලබාගෙන තිබේද;
(iv) අනුමතිය ලබා දී තිබේ නම්, එම ලේඛන ඉදිරිපත් කරන්නේද;
(v) එම වෙනස් කිරීම් සිදු කිරීම සඳහා අනුමතිය ලබා දුන් බලධාරියා කවුරුන්ද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ඉහත නිවාස ඒකකයේ සිදු කර ඇති වෙනස් කිරීම් ඉවත් කරන්නේද;
(ii) එසේ නම්, ඉවත් කරන දිනය කවරේද;
(iii) එම වෙනස් කිරීම් ඉවත් නොකරන්නේ නම්, එයට හේතු කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-21
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු විමල් වීරවංශ මහතා (ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමා)
(மாண்புமிகு விமல் வீரவங்ச - நிர்மாண, பொறியியல் சேவைகள், வீடமைப்பு, பொது வசதிகள் அமைச்சர்)
(The Hon. Wimal Weerawansa - Minister of Construction, Engineering Services, Housing and Common Amenities)
ගරු කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) (i) විජේකෝන් මුදියන්සේලාගේ තෙන්නකෝන්.
(ii) ඔව්.
(iii) නැත.
(iv) අනුමැතිය ලබා දී නොමැති නිසා ඉදිරිපත් කළ නොහැක.
(v) කිසිදු බලධාරියෙක් අනුමැතිය ලබා දී නැත.
(ආ) (i) මෙම නිවසට සින්නක්කර අයිතිය 2002 නොවැම්බර් මස 05වන දින ලබා දී ඇති නිසා සහාධිපත්‍ය දේපළ සම්බන්ධව කටයුතු කිරීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරියට බලයක් නොමැත. අනවසර ඉදි කිරීම සම්බන්ධව කටයුතු කිරීමට බලය ඇති සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය වෙත මෙම කරුණ පරීක්ෂණයක් සඳහා යොමු කර ඇත.
(ii) ඉහත පරීක්ෂණය අනුව එය තීරණය කරනු ලැබේ.
(iii) පරීක්ෂණය අනුව එය තීරණය කරනු ලැබේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2012-11-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු විමල් වීරවංශ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක‍්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks