01

E   |     |  

 දිනය: 2012-10-12   පිළිතුර ලබා දී ඇත 

2223/2012: ''සැමට නිවසක් - හිතට සෙවණක්'' වැඩ පිළිවෙළ : ඉදි කළ මහල් නිවාස

2223/’12

 

ගරු සජිත් ප්‍රේමදාස මහතා,— ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රතිපත්ති මාලාවේ, “සැමට නිවසක් - හිතට සෙවණක්”  වැඩපිළිවෙළ යටතේ, කොළඹ නගරයේ පැල්පත්වාසීන්ගේ නිවාස ගැටලුව විසඳීම සඳහා නිවාස ඒකක 40,000කින් සමන්විත මහල් නිවාස යෝජනා ක්‍රම 20ක් කොළඹ සහ තදාසන්න නගරවල ඉදිකිරීම පිණිස රුපියල් ‍කෝටි 500ක ආරම්භක ප්‍රාග්ධනයක් ඉදිරි අයවැයෙන් වෙන්කරන බවට පොරොන්දුවක් දුන් බව එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහත සඳහන් පොරොන්දුව පරිදි රුපියල් කෝටි 500 ක් අයවැයෙන් වෙන් කළ  වර්ෂය කුමක්ද;

(ii) එම මුදලින් මේ වනවිට ඉදිකිරීම් ආරම්භකර ඇති මහල් නිවාස යෝජනා ක්‍රම සංඛ්‍යාව කොපමණද;

(iii) මේ වන විට ඉදිකිරීම් අවසන් කර ඇති මහල් නිවාස යෝජනා ක්‍රම සංඛ්‍යාව කොපමණද;

(iv) ඉදිකිරීම් අවසන් මහල් නිවාස යෝජනා ක්‍රමවල මේ වන විට පදිංචිකර ඇති පවුල් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?     

(ඇ) නොඑ‍සේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-10-12

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු ලසන්ත අලගියවන්න මහතා

(மாண்புமிகு லசந்த அலகியவன்ன)

(The Hon. Lasantha Alagiyawanna)

ගරු කථානායකතුමනි, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමා වෙනුවෙන් මම මෙම ප්‍රශ්නයට පිළිතුර ලබා දෙනවා.

 

(අ)        ඔව්.

(ආ)         (i)     

 

වර්ෂය

වෙන් කළ ප්‍රතිපාදන රුපියල් මිලියන

2011

660.22

2012

700.20

2013

430.00

එකතුව

1,790.42

             (ii)       මහල් නිවාස යෝජනා ක්‍රම  සංඛ්‍යාව - 10කි.

             (iii)       මහල් නිවාස ‍යෝජනා ක්‍රම සංඛ්‍යාව - 01කි.

             (iv)       පදිංචි පවුල් සංඛ්‍යාව 60කි.

(ඇ)     අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2013-04-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ලසන්ත අලගියවන්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks