01

E   |     |  

 දිනය: 2012-10-09   පිළිතුර ලබා දී ඇත 

2222/2012: මහින්ද චින්තන ඉදිරි දැක්ම : ධීවර ප්‍රජාව සඳහා නිවාස

2222/’12

 

ගරු සජිත් ප්‍රේමදාස මහතා,— ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රතිපත්ති මාලාවේ, “සැමට නිවසක් - හිතට සෙවණක්” වැඩපිළිවෙළ යටතේ, ධීවර නගර හා ගම්මාන ඉලක්ක කර ගෙන නිවාස 30,000 ක් ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 150 ක් වෙන් කරන බවට  පොරොන්දුවක් දී ඇති බව එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහත  පොරොන්දුව පරිදි රුපියල් කෝටි 150 ක මුදලක්  වෙන් කළේ කුමන වර්ෂයේ අයවැයෙන්ද;

(ii) මේ වනවිට ඉදිකිරීම් අවසන් කර ඇති නිවාස සංඛ්‍යාව කොපමණද;

(iii) එම නිවාසවල  පදිංචිකර ඇති ධීවර පවුල් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?     

(ඇ) නොඑ‍සේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-10-09

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා (ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා)

(மாண்புமிகு (வைத்திய கலாநிதி) ராஜித சேனாரத்ன - கடற்றொழில், நீரக வளமூலங்கள் அபிவிருத்தி அமைச்சர்)

(The Hon. (Dr.) Rajitha Senaratne - Minister of Fisheries and Aquatic Resources Development)

ගරු කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

 

(අ)      ඔව්.

 

(ආ)     (i)      නැත.

 

           (ii)     අදාළ නො‍වේ.

 

           (iii)    අදාළ නො‍වේ.

 

(ඇ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2013-03-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks