පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1816/2023
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2015 සිට මේ දක්වා හදිසි විදුලි මිලදී ගැනීම් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් අවසර ඉල්ලා සිටින ලද අවස්ථා සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම අවස්ථා අතරින් අවසර ලබා දෙන ලද අවස්ථා සංඛ්‍යාව හා අවසර ලබා නොදෙන ලද අවස්ථා සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) හදිසි විදුලි මිලදී ගැනීම් සඳහා අවසර ලබා නොදීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය ලැබූ මූල්‍ය ලාභය කොපමණද;
(iv) හදිසි විදුලි මිලදී ගැනීම් වළක්වා ගැනීම සඳහා මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-08-25
අසන ලද්දේ
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i)
|
වර්ෂය |
හදිසි විදුලි මිලදී ගැනීම් සඳහා අවසර ඉල්ලා සිටින ලද අවස්ථා සංඛ්‍යාව |
|
2015 |
- |
|
2016 |
02 |
|
2017 |
01 |
|
2018 |
01 |
|
2019 |
01 |
|
2020 |
04 |
|
2021 |
- |
|
2022 |
01 |
|
2023 ජූලි මස අග දක්වා |
01 |
|
එකතුව |
11 |
(ii)
|
වර්ෂය |
හදිසි විදුලි මිලදී ගැනීම් සඳහා අවසර ඉල්ලා සිටින ලද අවස්ථා සංඛ්‍යාව |
අවසර ලබා දෙන ලද අවස්ථා සංඛ්‍යාව |
තීරණයක් දන්වා නොමැති අවස්ථා සංඛ්‍යාව |
අවසර ලබා නොදෙන ලද අවස්ථා සංඛ්‍යාව |
|
2015 |
- |
- |
- |
- |
|
2016 |
02 |
01 |
- |
01 |
|
2017 |
01 |
01 |
- |
- |
|
2018 |
01 |
01 |
- |
- |
|
2019 |
01 |
- |
01 |
- |
|
2020 |
04 |
- |
- |
04 |
|
2021 |
- |
- |
- |
- |
|
2022 |
01 |
- |
01 |
- |
|
2023 ජූලි මස අග දක්වා |
01 |
01 |
- |
- |
|
එකතුව |
11 |
04 |
02 |
05 |
(iii) ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම මත හදිසි විදුලි මිලදී ගැනීම් සඳහා අවසර ලබා දුන් අවස්ථා මෙන්ම, අවසර ලබා නොදුන් අවස්ථාද වාර්තා වී ඇත. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අවසරය හිමි නොවූවද, විදුලි කප්පාදුව හේතුවෙන් ජාතික ආර්ථිකයට සිදුවන අනිසි ප්‍රතිවිපාක වළක්වා ගැනීම සඳහා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීම අත්‍යවශ්‍ය බැවින්, ඇතැම් අවස්ථාවලදී අමතර විදුලි මිලදී ගැනීම් සිදු කර ඇත.
ඇතැම් අවස්ථාවලදී මහජන උපයෝගිතා කොමිෂන් සභාව මඟින් හදිසි මිලදී ගැනීම් සඳහා අවසර ලබා දුන්නද නොසිතූ ලෙස ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්ට වර්ෂාව ලැබීම හේතුවෙන් එම අමතර මිලදී ගැනීම් සිදු නොකිරීමට හෝ ප්‍රමාද කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් පියවර ගෙන ඇත.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි අයක්‍රම සකස් කරනු ලබනුයේ වාර්ෂික වියදම පියවාගත හැකිවන පරිදි - cost-reflective tariff ලෙස - බැවින් අමතර විදුලිය මිලදී ගැනීම හෝ විදුලිය විසන්ධි කිරීම යන දෙයාකාරයෙන්ම අතිරේක ලාභයක් ලැබීමේ ඉඩ ප්‍රස්ථාවක් උදා වී නොමැත. එමෙන්ම, වියදම පියවාගත හැකි ආකාරයේ අයක්‍රමයක් 2022 දක්වාම ක්‍රියාත්මක නොවූ බැවින් ලංවිම මෑත අතීතයේ ලාභ වාර්තා කර නොමැත.
(iv) රටේ දෛනික විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා ප්‍රමාණවත් ජනන ධාරිතාවක් නොමැති අවස්ථාවල හදිසි විදුලි මිලදී ගැනීම් කර ඉල්ලුමට සරිලන සැපයුමක් පවත්වා ගැනීම හෝ සපයාදිය හැකි ධාරිතාව දක්වා පමණක් ඉල්ලුම පාලනය කර ගැනීම සඳහා විදුලිය විසන්ධි කිරීම නොවැළැක්විය හැකි කරුණකි. ඒ අනුව, රටේ වැඩිවන විදුලිබල අවශ්‍යතාව පුරෝකථනයකොට එම අවශ්‍යතාව සපුරාලීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් වසර 02කට වරක් යාවත්කාලීන වන දිගුකාලීන ජනන සැලැස්මක් පිළියෙල කර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගනී. මෙම ජනන සැලැසුමට අනුව නිසි ක්‍රියා මාර්ග ගනු ලැබුවේ නම් වරින් වර ඉස්මතුවන හදිසි විදුලි මිලදී ගැනීම් සඳහා අවශ්‍යතාවක් පැන නොනඟී.
මෙවර අමතර විදුලි මිලදී ගැනීම් සඳහා අකමැත්තෙන් වුවද යොමුවීමට ප්‍රධාන සාධකය වූයේ අනපේක්ෂිත අයුරින් සමනලවැව ජලාශයේ ජලය ගොවිතැන් කටයුතු සඳහා උඩවලව ජලාශය වෙත නිකුත් කිරීමට සිදුවීමයි. මූලික පුරෝකථනයන්ට පරිබාහිරව අනපේක්ෂිත ලෙස ඇතිවන නියඟය හා එල්නීනෝ සංසිද්ධියේ බලපෑම මත ජල විදුලි බලාගාර තුළින් නියමිත පරිදි ජල විදුලිය උත්පාදනය කරගත නොහැකි වීම හේතුවෙන් තාප බලාගාර ක්‍රියාත්මක කර පාරිභෝගිකයන්ට අඛණ්ඩව විදුලිය සැපයීම සහතික කිරීම සඳහා අකමැත්තෙන් වුවද අමතර විදුලිය මිලදී ගැනීමට සිදු වී ඇත.
පෞද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේදී අවම වශයෙන් මාස හයකට බලපැවැත්වෙන පරිදි විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් අත්සන් නොකරන්නේ නම් එම බලාගාර ක්‍රියාත්මක කරවීමට අදාළ සමාගම් එකඟතාවයක් නොදක්වයි. ඒ අනුව, පසුගිය මාසයේදී ඒස් පවර් සමාගම සමඟ මාස හයක කාලයක් සඳහා විදුලිය මිලදී ගැනීමට ගිවිසුම් අත්සන් කර ඇති නමුත් එලෙස විදුලිය මිලදී ගනු ලබන මිල ලංකා විදුලිබල මණ්ඩලය සතු ඇතැම් තාප බලාගාර ක්‍රියාත්මක කිරීමට වැය වන මිලට වඩා සැලකිය යුතු තරම් අඩු පිරිවැයක් යටතේ විදුලිය මිලදී ගැනීමට හැකියාව ලැබුණු බව පෙන්වා දීමට කැමැත්තෙමි.
නුදුරු අනාගතයේදී වැඩ අවසන් කිරීමට නියමිත උමා ඔය විදුලි බලාගාරයත් සොබාදනවි ද්විත්ව චක්‍රීය ද්‍රව වායු විදුලි බලාගාරයත් පද්ධතියට එකතු කිරීමෙන් පසු අමතර/හදිසි විදුලි මිලදී ගැනීම් සම්පූර්ණයෙන්ම නවතා දැමීමට හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.
එමෙන්ම හැකි උපරිම අයුරින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව ජාතික පද්ධතියට සම්බන්ධ කිරීම සඳහා පිළියෙල කර ඇති සැලැස්ම ක්‍රියාවට නැංවීම මඟින් අනාගතයේදී තවදුරටත් රටේ ඇති වන විදුලි ඉල්ලුම කළමනාකරණය කරගත හැකි තත්ත්වයක් දක්වා වර්ධනය කර ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇත. ඊට අමතරව, විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම පිළිබඳව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ මැදිහත්වීම තුළින් රටේ විදුලි ඉල්ලුමට ඇති කරන පීඩනය අවම කර ගැනීම සඳහා බලශක්ති කාර්යක්ෂම විදුලි උපකරණ, විදුලි පහන් ආදිය හඳුන්වා දීමට කටයුතු කර ඇති අතර, අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීම, හරිත ගොඩනැඟිලි සංකල්පය හඳුන්වා දීම, බලශක්ති විගණනය කිරීම - energy audits - සහ පද්ධතියෙන් පරිබාහිර සූර්ය බලයෙන් ක්‍රියාකරන වීදි පහන් හඳුන්වා දීම වැනි ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-10-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කංචන විජේසේකර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks