බලන්න

04

E   |     |  

 දිනය: 2023-03-22   පිළිතුර ලබා දී ඇත 

1806/2023: නිදහස් වෙළඳ කලාප: යටිතල පහසුකම් සංවර්ධනය

1806/2023

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ශ්‍රී ලංකාවේ මේ වනවිට ස්ථාපිත කර ඇති නිදහස් වෙළඳ කලාප සංඛ්‍යාව කොපමණද;

            (ii)       ඒවායේ නම් කවරේද;

           (iii)       2015 වර්ෂයේ සිට මේ දක්වා එම එක් එක් නිදහස් වෙළඳ කලාපයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා වැය කරන ලද මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අත්‍යාවශ්‍ය වන බැවින් ඉහත සඳහන් නිදහස් වෙළඳ කලාපවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-03-22

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආයෝජන ප්‍රවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)         (i)       16යි.

              (ii)      අපනයන සැකසුම් කලාප/කර්මාන්ත උද්‍යාන/අපනයන සැකසුම් උද්‍යාන

1.     කටුනායක අපනයන සැකසුම් කලාපය

2.     බියගම අපනයන සැකසුම් කලාපය

3.     සීතාවක අපනයන සැකසුම් කලාපය

4.     හොරණ අපනයන සැකසුම් කලාපය

5. කොග්ගල අපනයන සැකසුම් කලාපය

6. මහනුවර කර්මාන්ත උද්‍යානය

7. පොල්ගහවෙල අපනයන සැකසුම් කලාපය

8. මාවතගම අපනයන සැකසුම් කලාපය

9. වතුපිටිවල අපනයන සැකසුම් කලාපය

10. මීරිගම අපනයන සැකසුම් කලාපය

11. මල්වත්ත අපනයන සැකසුම් උද්‍යානය

12. මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපය

13. වගවත්ත කර්මාන්ත උද්‍යානය

14. බිංගිරිය අපනයන සැකසුම් කලාපය

15. එරාවුර් රෙදිපිළි නිෂ්පාදන කර්මාන්ත උද්‍යානය

16. ආරබොක්ක ඖෂධ නිෂ්පාදන කලාපය

(iii) ඇමුණුමෙහි දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.

 

      (iv) 1. නිදහස් වෙළඳ කලාපයන්හි යෝජිත මායිම දක්වා යටිතල පහසුකම් සංවර්ධන ක්‍රියාවලියේදී, ඒවායෙහි බාහිර යටිතල පහසුකම් වන ප්‍රවේශ මාර්ගයන් සැකසීම, ජල සම්පාදනය හා විදුලිබල සැපයුම යනාදිය මාර්ග සංවර්ධන අධිකාරිය (RDA), ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWS&DB), ලංකා විදුලිබල මණ්ඩලය (CEB) වැනි අදාළ ආයතන මඟින් සපයනු ලැබේ.

 

2. බාහිර යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන භාණ්ඩාගාරයෙන් වෙන් කරන මුදල් යොදාගෙන අදාළ රේඛීය අමාත්‍යාංශය මඟින් සපයනු ලැබේ.

 

3. අභ්‍යන්තර යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසිනි.

 

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2023-03-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිලුම් අමුණුගම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks