පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1802/2023
ගරු කුමාරසිරි රත්නායක මහතා,— වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මොනරාගල දිස්ත්‍රික්කයේ ඇති වැව් සංඛ්‍යාව කොපමණද;
(ii) එම එක් එක් වැවේ නම සහ ජල ධාරිතාවය වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) ඉහත සඳහන් වැව් අතරින් 2023 වර්ෂයේදී පිළිසකර කිරීමට සැලසුම් කර ඇති වැව් කවරේද;
(iv) ඒ සඳහා වෙන් කර ඇති මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-07-05
අසන ලද්දේ
ගරු කුමාරසිරි රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) මහා වාරි ව්‍යාපාර (වැව්) 22
මීට අමතරව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මඟින් පාලනය කරනු ලබන කුඩා වාරි ව්‍යාපෘති ද ඇත.
(ii) මොණරාගල කලාපයේ මහා වාරිමාර්ග වැව්
|
අංකය |
කොට්ඨාසය |
ප්‍රධාන වාරිමාර්ග ව්‍යාපාර (වැව්) |
MCM ධාරිතාව |
|
1 |
මොණරාගල |
මුතුකණ්ඩිය |
30.3 |
|
2 |
|
ඇතිමලේ |
6.8 |
|
3 |
|
යුදගනාව |
1.9 |
|
4 |
|
කොටියාගල |
2.6 |
|
5 |
|
සද්ධාතිස්ස |
1.4 |
|
6 |
|
සුගලාදේවි |
2.9 |
|
1 |
වැල්ලවාය |
හඳපානාගල |
18.25 |
|
2 |
|
අලිකොටආර වැව |
6.5 |
|
3 |
|
බලහරුව |
1.08 |
|
4 |
|
දඹේ වැව |
1.4 |
|
5 |
|
හල්මිල්ල පිල්ලෑව |
2.5 |
|
6 |
|
මයිලගම |
0.42 |
|
7 |
|
දෙබර ආර |
1.2 |
|
8 |
|
කරවිල |
0.42 |
|
9 |
|
අළුගල්ගේ |
0.74 |
|
10 |
|
දෙටගමුව |
1.01 |
|
1 |
බිබිල |
බදුළු ඔය |
2.7 |
|
2 |
|
මල්ලිපොත |
0.91 |
|
1 |
වේලිඔය |
හම්බෙගමුව |
5.1 |
|
2 |
|
කණ්ඩියපිට |
1.5 |
|
3 |
|
කහකුරුල්ලන් පැලැස්ස |
0.48 |
|
4 |
|
මහවැව |
0.78 |
|
මුළු එකතුව |
90.89 |
||
කොට්ඨාස - 04
මුළු වැව් ප්‍රමාණය - 22
(iii)
(iv) * 2023 වර්ෂය සඳහා දේශගුණික අවබලපෑම් අවම කිරීමේ වැඩසටහන (CResMPA) යටතේ, මහා වාරිමාර්ග යටතේ ඇති ඇළ මාර්ගවල හඳුනාගත් අලුත්වැඩියාවන් 53ක් සඳහා සහ සුළු වාරිමාර්ග යටතේ හඳුනාගත් ව්‍යාපෘති 9ක් සඳහා රුපියල් මිලියන 425ක ප්‍රතිපාදන වෙන් වී ඇත.
* එමෙන්ම ඒකාබද්ධ ජල සම්පත් හා ජලධාරා කළමනාකරණ වැඩසටහන (IWWRMP) යටතේ මහා වාරිමාර්ග යටතේ ඇති ඇළ මාර්ගවල හඳුනාගත් සුළු අලුත්වැඩියාවන් සඳහා වන ව්‍යාපෘති 48ක සහ සුළු වාරිමාර්ග යටතේ හඳුනාගත් ව්‍යාපෘති 35ක් සඳහා රුපියල් මිලියන 250ක මුදලක් වෙන් වී ඇත.
* එමෙන්ම මහා / මධ්‍යම වාරිමාර්ග ව්‍යාපාරවල අත්‍යවශ්‍ය වාරිමාර්ග පුනරුත්ථාපන කටයුතු සඳහා රුපියල් මිලියන 30ක මුදලක් වෙන්ව ඇත.
* දෙපාර්තමේන්තු වැය ශීර්ෂ යටතේ වාරිමාර්ග නඩත්තු කටයුතු සඳහා රුපියල් මිලියන 48ක මුදලක් වෙන්ව ඇත.
* ඒ අනුව 2023 වර්ෂයේදී පිළිසකර කිරීමට සැලසුම් කර ඇති වැව් සඳහා වෙන් කර ඇති මුළු මුදල රුපියල් මිලියන 753කි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-07-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks