01

E   |     |  

 දිනය: 2023-05-23   පිළිතුර ලබා දී ඇත 

1801/2023: වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන: මොණරාගල දිස්ත්‍රික්කය

1801/2023

ගරු කුමාරසිරි රත්නායක මහතා,—  අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මොනරාගල දිස්ත්‍රික්කයේ ඇති වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;

             (ii)       එම මධ්‍යස්ථානවල පවත්වාගෙන යනු ලබන පූර්ණකාලීන හා අර්ධකාලීන පාඨමාලා වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) ඉහත මධ්‍යස්ථානවල මේ වනවිට පාඨමාලා හදාරනු ලබන සිසුන් සංඛ්‍යාව කොපමණද;

(iv) පාඨමාලා සාර්ථකව නිම කරනු ලබන තරුණ තරුණියන් වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන් යටතේ රැකියා සඳහා යොමු කරන්නේද;

යන්න එතුමා ‍මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-05-23

අසන ලද්දේ

ගරු කුමාරසිරි රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)

ක්‍රියාත්මක කරනු ලබන අංශය

පුහුණු මධ්‍යස්ථාන සංඛ්‍යාව

රාජ්‍ය

15

රාජ්‍ය නොවන

3

පෞද්ගලික

6

එකතුව

24

 

 

 

 

 

 (ii)

ක්‍රියාත්මක කරනු ලබන අංශය

පූර්ණ කාලීන

අර්ධ කාලීන

එකතුව

රාජ්‍ය

60

3

63

රාජ්‍ය නොවන

10

1

11

පෞද්ගලික

5

4

9

එකතුව

75

8

83

 

වැඩි විස්තර ඇමුණුම 01 සහ 02 මඟින් දක්වා ඇත. ඇමුණුම් සභාගත* කරමි.

(iii) ඉහත මධ්‍යස්ථානවල මේ වන විට පාඨමාලා හදාරනු ලබන සිසුන් සංඛ්‍යාව 686කි.

ක්‍රියාත්මක කරනු ලබන අංශය

පූර්ණ කාලීන

අර්ධ කාලීන

එකතුව

රාජ්‍ය

500

14

523

රාජ්‍ය නොවන

80

-

80

පෞද්ගලික

8

75

83

එකතුව

597

89

686

 

(iv) ඔව්. පාඨමාලා සාර්ථකව හදාරනු ලබන සිසුන් පාඨමාලා අවසන් වූ පසු රැකියාගත පුහුණුව සඳහා ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය වෙත යොමු කරනු ලබන අතර, එමඟින් ඇතැම් පුහුණුලාභීන් සුදුසු රැකියා සඳහා යොමු කිරීම කරනු ලබයි.

ඇතැම් පුහුණුලාභීන් පුහුණුව ලබා දුන් ආයතන විසින්ම ස්ථිර සේවකයන් ලෙස සේවයේ යොදවා ගනු ලබයි.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2023-05-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks