පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1800/2023
ගරු කුමාරසිරි රත්නායක මහතා,— වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මොනරාගල දිස්ත්‍රික්කයේ ඇති විවිධ සේවා සමූපකාර සමිති සංඛ්‍යාව කොපමණද;
(ii) එම දිස්ත්‍රික්කයේ ඇති සමූපකාර ප්‍රාදේශික වෙළඳසැල් සංඛ්‍යාව කොපමණද;
(iii) එම ප්‍රාදේශික වෙළඳසැල්වල සේවය කරනු ලබන සේවකයන් සංඛ්‍යාව කොපමණද;
(iv) එම වෙළඳසැල් සඳහා අවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය සීමාසහිත ලංකා සතොස ආයතනය විසින් සපයනු ලබන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-05-09
අසන ලද්දේ
ගරු කුමාරසිරි රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) මොණරාගල දිස්ත්‍රික්කයේ ඇති විවිධ සේවා සමුපකාර සමිති සංඛ්‍යාව 5කි.
(ii) මොණරාගල දිස්ත්‍රික්කයේ ඇති ප්‍රාදේශික වෙළෙඳ සැල් සංඛ්‍යාව 25කි.
(iii) මොණරාගල දිස්ත්‍රික්කයේ ඇති ප්‍රාදේශික වෙළෙඳ සැල්වල සේවය කරනු ලබන සේවක සංඛ්‍යාව 35කි.
(iv) නැත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-09-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නලින් ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks